රන්ජන් 30 වන දා සිංහයා වේ.
රන්ජන් රාමනායක ප්‍රධාන චරිතය මවන,සුනිල් ටී. ප්‍රනාන්දු නිෂ්පාදනය කළ සිංහයා සිනමාපටය මෙම මස 30 වැනිදා සිට එම්. පී. අයි. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගත වීම ඇරැඹේ. මෙහි දුලීකා මාරපන, පාලිත සිල්වා, ආනන්ද වික්‍රමගේ, මහේෂි මධුසංඛා, මිහිර සිරිතිලක, අනුර වරාගොඩ, උදේනි අල්විස්, හේමන්ත ඊරියගම, අවන්ත පෙරේරා, ගයාත්‍රි ඩයස්, සාගරිකා ධර්මපාල, කපිල සිගේරා, කීර්ති රුවන් ලාල්සන් මෙහි රංගනයෙන් දායක වෙති.
සනත් ගුණතිලක, නදීකා ගුණසේකර, ශ්‍රීමාලි රාමනායක, දිල්හාරා රාජපක්ෂගේ ගරු රඟපෑම් එක් කළ මෙහි ෂයන් සම්ප්‍රාප්ති පෙරේරා, යොහාන් පෙරේරා, චානක මධුෂානි, කෝකිල පවන්, සඳු අමාශා, පැතුම් බිම්සර, සවනි මල්ශානි, අදීශ ධානුක, ඉෂානි විදුරංගනා, සචිත් සංකලන, නිකිතා අන්ජලීනා, දිලුම් විජේරත්න, දුරුතු අභිෂේක්, නවිදුනි ඉෂාරා, තේනුර පසන්ජය, ගගනි ප්‍රභා තාරකා, ජිත්ම දිල්රුවන්, හසිදු විදුෂාන්, මධුෂි ශෂිකලා සම්පත්, නිරංජන් සේනාරත්න, කුමුදිතා සඳුන්හාරි, සනුජ ගිහාරා, බියංකා උමයංගනී, සදීෂ භානුක, වතික සදුෂාන්, ඔමායා තෙවාජි, සිතුම් සිතංගා, කෙනුල සෙත්මිත්, විෂ්මි පූර්ණිමා චිත්‍රපටයේ ළමා නළු නිළියන්ය.
සිංහයා වී. සිවදාසන්ගේ අධ්‍යක්ෂණයකි. කීර්ති රුවන් ලාල්සන් සම අධ්‍යක්ෂවරයාය. නිෂ්පාදන සම්බන්ධීකරණය සුනිල් ධර්මසිරිගෙනි. නන්දා නන්දි ජයකොඩිගේ සංස්කරණයකි. සුජිත් නිශාන්ත (මයියා) කැමරාකරණයෙන් ද, සෝමපාල රත්නායක සංගීත අධ්‍යක්ෂණයෙන් ද, බර්නාඩ් ජයතුංග තිර රචනයෙන් ද මනෝජ් ලක්සිරි අංග රචනයෙන් ද මෙයට එක් විය. නැසීගිය සටන් අධ්‍යක්ෂ සරත් සිල්වා මෙහි සටන් අධ්‍යක්ෂවරයා වේ. පරිගණක සජීවිකරණ දර්ශන චතුරංගගෙනි.
Written by Cinema.lk A
