“සිරි පැරකුම්“ මේ මස අගදී

Avatar Cinema.lk A | May 16, 2013 577 Views 0 Likes 0 Ratings

577 Views 0 Ratings Rate it

සෝමරත්න දිසානායක සහ රේණුකා බාලසූරිය එකමුතුවෙන් තැණුනු “සිරි පැරකුම්“ නම් අපුර්ව සිනමා සිතුවම මේ මස 30 වෙනිදා සිට ඊ.ඒ.පී මණ්ඩලයේ සිනමාහල් වල තිරගත වීමට නියමිතයි.මේ චිත්‍රපටය දඹදෙණිය රාජධානිය කොට 13 වන සියවසේ රාජ්‍ය කළ නැම්බඹර, කලිකාල, සාහිත්‍ය, සංගීත, සර්වඥ දෙවන පරාක‍්‍රමබාහු රජතුමාගේ ළමා කාලය ආශි‍්‍රතව ඇති ජනප‍්‍රවාද පාදක කර ගනිමින් නිර්මාණය වු සිනමා සිතුවමකි.

දැනට ලොව භාවිතා වන විශිෂ්ටම මාදිලියේ තාක්ෂණයන් උපයෝගි කරගනිමින් නිර්මාණය වී ඇති මෙම සිනමා පටය පිටපත් 55ක් ඔස්සේ ප්‍රේක්ෂයාට සමීප වීමට නියමිතයි.

ලාංකේය සිනමාවට අලුත් තරු රැසක්ම හඳුන්වා දෙන මෙම චිත්‍රපටයේ සෙනාලි ෆොන්සේකා,අකිල ධනුද්ධර හා සිනේතී අකිලා ප්‍රධාන චරිතයන්ට පණ පොවන අතර බිමල් ජයකොඩි, චාන්දනී සෙනෙවිරත්න, ජයනි සේනානායක, ගිරිරාජ් කෞශල්‍ය, සම්පත් තෙන්නකෝන්, දමයන්ති ෆොන්සේකා, ජයන්ත මුතුතන්ත්‍රි, ලලිත් ජනකාන්ත, රිටිගල සුමේධ, අශාන් ඩයස් විසින් සෙසු චරිත රඟ දක්වයි.

පාලිත පෙරේරා කැමරා අධ්‍යක්ෂණයෙන් ද, හීනටිගල ප්‍රේමදාස කලා අධ්‍යක්ෂණයෙන් ද, රිටිගල සුමේධ සටන් අධ්‍යක්ෂණයෙන් ද දායක වන මෙහි සත්සර රටා රෝහණ වීරසිංහගෙන්ය. නාරද ධනංජි තොටගමුව අංග රචනා ශිල්පියාය. වස්ත්‍රාභරණ නිර්මාණය වෙනුක වික්‍රමආරච්චිගෙන්ය. අශෝක ආතාවුදහෙට්ටිගේ අංග රචනයකි

Full Review

Share

577 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.