ආයෙත් නොඑන ගමනක් ගිය සීතා ඇන්ටි

Avatar Cinema.lk A | August 7, 2013 198 Views 0 Likes 0 Ratings

198 Views 0 Ratings Rate it

සීතා ඇන්ටි…කලා ලෝකයේ සහෘදයන් ආදරේට ඇයව ඇමතුවේ එහෙමයි.ඒත් අපි බොහෝ දෙනාට නම් ඇයව ලෙන්ගතු වුණේ පුංචි තීරයේ ආදරණීය මිත්තණිය ලෙසයි.ඒ විදියට අපි කාගේත් ආදරයට පාත්‍ර වු සීතා කුමාරි ඇහැලේපොළ නම් ඒ සොඳුරු රංඟන ශිල්පිණිය පසුගිය 6 වන දින රාත‍්‍රී කළුබෝවිල රෝහලේදී  සියල්ලන්ගෙන්ම නිහඩව සමුගෙන තිබේ

මිය යන විට 73 වියේ පසු වු සීතා කුමාරි මහත්මිය කලා ලෝකයට පා තැබුවේ සිනමාවෙනි.1968 දී ‘ආදරයයි කරුණාවයි’ චිත්‍රපටයෙන් කලා ලෝකයට අත්පොත් තැබු සීතා කුමාරි මහත්මිය ලාංකේය රසිකයන්ට වඩාත් ලෙන්ගතු වුයේ පුංචි තිරයෙනි.

මෑත කාලයේදී ටෙලි නිර්මාණ රැසකටම තම දායකත්වය සැපයු ඒ මහත්මිය ‘අක්කරපහ’, ‘දෑස නිසා’ ‘ළසඳා’, ‘වත්සලා අක්කා’,’මහගෙදර’,’දුවට මවක මිස’ ‘සිංහාවලෝකනය’  චිත්‍රපටයන් වල මෙන්ම ‘වෙස්මුහුණ;, ‘වැනියන් කළු වැනීයන්’, ‘වෙස්සන්තර’ ආදී වේදිකා නාට්‍ය වලටද තම රංඟන දායකත්වය සපයා දී තිබෙනවා.මෙලෙස නිර්මාණ විශාල ප්‍රමාණයකට තම දායකත්වය සැපයු ඇය සම්මානලාභී රංගන ශිල්පිණියකි.

1986 ජනාධිපති සම්මානය ‘වත්සලා අක්කා’ 1998 ‘තරණය’ චිත‍්‍රපටය වෙනුවෙන් කරණ ලද රංගනය උදෙසා විචාරක සම්මානයද – 2005 ජනාධිපති සිනමා සම්මානය ද – 2008 සරසවි සම්මාන උළෙල කුසලතා සම්මානය ද – 2000 වසර සුමති ටෙලි සම්මානය හොඳම ටෙලි නාට්‍ය සහාය නිළිය ලෙසින් ඇය සම්මාන රැසකටම පාත‍්‍ර විය.

ඇයගේ අවසන් කටයුතු පානදුර පිහිටි ඇයගේ පුතණුවන්ගේ නිවසේ පවත්වන්නට කටයුතු සූදානම් කරමින් පවතින බවත්, අවසන් කටයුතු පිළිබඳව පසුව දැණුම් දෙනු ලබන බවත් ඥාති වැඩිදුරටත් කරුණු දක්වමින් පවසා සිටියේය.

ඹබගේ රුව,ඔබගේ හඩ

ආයේමත් කිසිම දවසක,

අපිට අහන්න,බලන්න නොලැඹුනත්

අපි හැමදාටම ඔබව මතකයේ තියන් ඉන්නම්

ඔබට නිවන් සුව අත්වේවා!

අපි Cinema.lk

Share

198 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.