පැය 72 කින් චිත්‍රපටයක් තනා ලංකාව ගිනස් වාර්තා අතරට යයි

Avatar Cinema.lk A | June 18, 2014 59 Views 0 Likes 0 Ratings

59 Views 0 Ratings Rate it

ගිනස්වාර්තා පොත කියන්නේ ඔය එක එක වාර්තා බිහිකරපු උදවියගේ විස්තර ඇතුලත් පොතක් නේ.වේගයෙන් කාලා,කුඩාම යතුරු පැදිය හදලා එතකොට ලොකුම කොත්තු රොටිය වගේ දේවල් හදලා මෙන්න මේ පොතට යන්න දඟලන පිරිස් බොහෝමයක් ලෝකේ පුරාම විසිරිලා ඉන්නවා.මේ ළඟදී දවසක කලා ලෝකයේ අපේ කට්ටියකුත් චිත්‍රපටයක් හදලා ගිනස් වාර්තා පොතට ගිහිල්ලා.ඉතා ඉක්මනින් තිර නාටකය ලියමින් රූ ගැන්වා වෘතාන්ත චිත්‍රපටයක් තනා තමයි ඔවුන් වාර්තාවක් පිහිටුවලා තියෙන්නේ.මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා නමින් නන්දන හේවාපන්න..චිත්‍රපටයේ නම මංගල ගමන

එය තිර රචනයේ සිට තිරගත කිරීම දක්වා ගත වූ කාලය පැය 72 මිනිත්තු 19 සහ තත්පර 21 කි.ඒ අනුව ලොව අඩුම වේගයෙන් තැනූ චිත්‍රපටය වශයෙන් ගිනස් වාර්තාවට හිමිකම් කියනුයේ මංගල ගමනයි.

මෙහි තිර රචනයට ගත වී ඇති කාලය පැය 1 විනාඩි 35 කි. කොළඹ, වත්තල ඇතුළු දර්ශන තල අටක රූ ගැන්වුණ මංගල ගමන හි කැමරවට නඟාගත් දර්ශන එම මොහොතෙන්ම සංස්කරණය කොට තිබේ. චාමි සේනානායක, ශෙනාලි පෙරේරා, රෝහිත සමරවීර, ගාමිණී කොස්තා, නිශ්ශංක උදය කුමාර්, ගයාන් මාපලගම, ආශ්චර්යා සමරවීර, තුෂාරි වරාවැව, ශාන්ති පෙරේරා, ජේ. ඒ. අයි. එච්. පෙරේරා, එන්. පී. දයානන්ද, කුමාර නිරෝෂන් අපොන්සු, එම්. එස්. එම්. සෆ්රාස් මෙහි චරිත නිරූපණය කරයි. එස්. උදයසූරියන්ගේ සංස්කරණයකි.

මේෂාන් හේවාපන්න අංග රචනා ශිල්පියාය. කලා අධ්‍යක්ෂණයෙන් ලක්ෂාන් හේවාපන්න දායක වී ඇත. කතාව, දෙබස්, තිර රචනය, කැමරාකරණය, නිෂ්පාදනය නන්දන හේවාපන්නගෙනි. නන්දන කලාවට පිවිසෙන්නේ වේදිකා නාට්‍යවලින්. අවසාන නොවේ, 71 කැරැල්ල, මතුගම සමන් කුමාර ඔහුගේ වේදිකා නිර්මාණ අතර වේ. මංගල ගමන නන්දනගේ මංගල චිත්‍රපටයයි.

Share

59 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.