Something Necessary – චිත්‍රපට දැක්ම සහ සංවාදය

Avatar Nisanka Weheraduwa | October 2, 2019 127 Views 0 Likes 0 Ratings

127 Views 0 Ratings Rate it

ජර්මානු සංස්කෘතික ආයතනය සංවිධාන කරන මාසික සිනමා දැක්මේ ඔක්තෝබර් කලාපය මේ මස 04 වැනිදා පැවැත්වීමට නියමිතයි. එදින සවස 7 සිට මෙම වැඩසටහන පැවැත්වෙනවා. මෙවර තිරගත කෙරෙන්නේ Something Necessary චිත්‍රපටයයි. අංක 39, ග්‍රෙගරි පාර, කොළඹ 07 ලිපිනයේ පිහිටි ජර්මානු සංස්කෘතික ආයතනය නොහොත් Goethe – Institute හිදී මෙම චිත්‍රපටය තිරගත කෙරෙනවා.

2013 වසරේ නිර්මාණය වුනු Something Necessary චිත්‍රපටය Judy Kibinge විසින් අධ්‍යක්ෂණය කොට තිබෙනවා. දාමරික කල්ලියක ප්‍රහාරයකට ලක්වන ඈන් නම් කෙන්යානු කාන්තාව වටා මෙම චිත්‍රපටය ගොඩ නැගී තිබෙනවා. ස්වාමියා අහිමි වීම, පුතා කෝමා තත්වයට පත්වීම, පවුලේ සාමාජිකයින් අහිමිවීම, දේපළ අහිමිවීම ඇතුළු ඛේදවාචක රැසකට මුහුණ දුන් කාන්තාවක් මානසික ව්‍යාකූලතාවයෙන් මිදී සිය පුතු වෙනුවෙන් ජීවිතය ගොඩනගන අයුරු චිත්‍රපට කතාවට මූලිකව පදනම් වී තිබෙනවා. මිනිත්තු 85ක ධාවන කාලයකින් යුතු මෙම චිත්‍රපටය නැරඹීමට සිනමාලෝලී ඔබට ජර්මානු සංස්කෘතික ආයතනය ඇරියුම් කරනවා.

Share

127 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.