ටී.වී දෙරණ රාජ්‍ය සම්මාන රැසකින් පිදුම් ලැබූ වගයි

Avatar Cinema.lk A | December 29, 2015 45 Views 0 Likes 0 Ratings

45 Views 0 Ratings Rate it

2015 රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙලේ හොඳම රූපවාහිනී ප්‍රවෘත්ති වාර්තාකරණය ඇතුළු සම්මාන රැසකින්  ටී.වී දෙරණ පිදුම් ලබා තිබේ.

මෙහිදී  ටී.වී දෙරණ විවිධ අංශ 04 ක් යටතේ සම්මානයට පාත්‍ර වුණි.

2015 රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙල පසුගිය දින පස්වරුවේ නෙළුම් පොකුණ රංග ශාලාවේදී ආරම්භ කෙරුණේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.

වසරේ හොඳම ප්‍රවෘත්ති වාර්තාකරණයට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ අද දෙරණ ප්‍රවෘත්ති අංශයේ වසන්ති නානායක්කාර විසිනි.

ඒ මැලේසියාවේ අතරමං වූ  ශ්‍රී ලාංකික ගෘහ සේවක සේවිකාවන් සම්බන්ධයෙන් ඇය විසින්  වාර්තා කළ “ද අටෙන්ෂන්“  ප්‍රවෘත්ති  වැඩසටහන වෙනුවෙනි.

මේ අතර වසරේ හොඳම රූපවාහිනී සංගීතමය වැඩසටහන සඳහා වන සම්මානය ඩෙල් ස්ටූඩියෝ සංගීත වැඩසටහන වෙනුවෙන් චින්තක දිලංග ගම්ලත් හා සුබෝධිනි කරුණානායක විසින් හිමි කර ගනු ලැබුණි.

මේ අතර වසරේ හොඳම රූපවාහිනී පසුතල නිර්මාණය සඳහා වන සම්මානය හිමි වුණේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 5 වෙනුවෙන් කසුන් මාධව ගුණතිලකටය.

එසේමවසරේ හොඳම අලෝකකරණය හා බහුකැමරා නිෂ්පාදනය සඳහා වන සම්මානය ද දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් ෆයිව් වෙනුවෙන් සරත් සෙනෙවිරත්නට හිමි වුණි

 

Share

45 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.