“කෝටු වගේ කකුල් දෙකක් තිබ්බනම් මම එහෙම කරන්නේ නෑ”

Avatar Cinema.lk A | December 10, 2012 224 Views 0 Likes 0 Ratings

224 Views 0 Ratings Rate it

කලින් කලට සිංහල සිනමාවේ ඇති වු රැළි අතර “කාම රැල්ල“ට හිමිවන්නේ සුවීශේෂී ස්ථානයක්.මේ කාල වකවානුව තුළදී මේ නිර්මාණයන් කාගේත් දෝෂ දර්ශනයට ලක් වුවද මේ සිනමා පට සියල්ලක්ම පාහේ බොක්ස් ඔෆීස් වාර්තා බිඳ හෙලමින් තිර ගත වුවා.ඒ කෙසේ වෙතත් මේ සිනමා පටයන් ප්‍රදර්ශනය වු කාලවකවානුවේ සුමනා ගෝමස් කියන නාමයට හිමිවුයේ සුවිශේෂී ස්ථානයක්.කාම රැල්ලේ චිත්‍රපටයන් ඔස්සේ ඉතාමත් ආන්දෝලනාත්මක චරිතයන් රැසකට පණ පෙවු සුමනා එවකට ලංකාව තුළ හැඳින්වුයේ ලාංකාවේ සරාඟී නිළි රැජින ලෙසටයි.මෙලෙස රසිකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයකට හිමි කම් කියු ඇය සිනමාට සමු දී විදේශ ගත වුවා.වසර 11 ක් තරම් දිර්ඝ කාලාන්තරයකට පසු තම මව්බිමට පැමිණි ඇයට ජනතාවගෙන් ඉතා උණුසුම් ප්‍රතිචාර ලැබුණා.

ඒ වකවානුව තුළ මෙන්ම වර්තමානයේද පවා සුමනා පුවත් මවන්නියෙක් වෙලා.ඉතාමත් අව්‍යාජ ලෙස මාධ්‍ය වෙතය සැබැ තතු පළ කල ඇය තමන්ගේ වීදේශිය ස්වාමි පුරුෂයා ගැන පවා කීමට මැලි වුයේ නෑ.පෙර දවස් වලමෙන් ආන්දෝලනාත්මක චරිතයන් රඟ දැක්වීමට ආරාධනාවක් ලැබුනොත් එය භාරගන්වාදැයි කියා ඇගෙන් විමසා සිටන විට ඇය මෙසේ පිළිතුරු දුන්නා.

“මම කිසිදාක පුර්ණ නිරුවතින් රඟපාලා නෑ.ඒත් මට ලස්සන කකුල් දෙකක් තිබුණා.ඉතින් මම ඒවා නිරාවරණය වන විදියට රඟපෑවා.නමුත් මට කෝටු වගේ කකුල් දෙකක් තිබ්බනම් මම එහෙම රඟපාන්නේ නෑ.ඒත් එදා කළ දේවල් අද මට කරන්න බෑ“

Share

224 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.