සුනෙත්ගෙන් තුනේ ඒවා තුනක්

Avatar Cinema.lk A | August 22, 2014 76 Views 0 Likes 0 Ratings

76 Views 0 Ratings Rate it

සුනෙත් මාලිංගගේ නවතම සිනමාපටයේ වැඩකටයුතු පසුගිය දා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවති චාම් උත්සවයකින් අනතුරුව ආරම්භ කරන ලදී.තුන්වරක් තුන ලෙස නම් තබා ඇති මෙම සිනමාපටය සුනෙත් මාලිංගගේ පස්වෙනි චිත්‍රපටයයි.හොලිවුඩ් සිනමාවේ,බොලිවුඩ් සිනමාවේ ප්‍රබල නළු නිළියන් රොබෝවන්ට පණ පෙව්වද අපේ සිනමා ඉතිහාසය තුළ තවමත් එවැනි රංඟනයක් දකින්නට නොලැබිණි.නමුත් සුනෙත් තමන්ගේ නවතම නිර්මාණයෙන් මෙරට රංඟන ශිල්පිණියක් රොබෝවක් බවට පත් කරන්නේ එය මෙරට සිනමා ප්‍රේක්ෂකයාගේ පළමු අත්දැකීම බවට පත් කරමිනි.දරුවන් තිදෙනෙකු, රොබෝවරු තිදෙනෙකු සහ මංකොල්ලකරුවන් තිදෙනෙකු වටා ගෙතුන කතා පුවතකින් සමන්විත මෙය හාස්‍යෝත්පාදක සිනමාපටයකි.

ආනන්ද වික්‍රමගේ, සරත් චන්ද්‍රසිරි, නිරෝෂන් විජේසිංහ, රුවන්ති මංගලා, නිල්මිණි කෝට්ටෙගොඩ, ශාලිකා එදිරිසිංහ, නන්දන හෙට්ටිආරච්චි, ජනක රණසිංහ, ලෝචනා ඉමාෂි, ඇතුළු ආක්ෂ් විහඟ ගුණතිලක, විමංශා යාපා සහ විරාජ් මධුශාන් යන ළමා නළු නිළියන් රඟන 3 වරක් 3 ජගත් එම්. යාපාගේ නිෂ්පපාදනයකි. රජන්ත ජයසිංහ ඉරෝෂන ගයාන් වීරකෝන් සම නිෂ්පාදකවරු වශයෙන් කටයුතු කරයි. නීතිඥ සමන් වීරමන් උපදේශනයෙන් දායක වන මෙහි කැමරා අධ්‍යක්ෂණය සුරේෂ් ධම්මිකගෙනි. ශාන් අල්විස්ගේ සංස්කරණයකි. ධනුෂ්ක ජයවර්ධන සහාය අධ්‍යක්ෂවරයාය. කසුන් නාමල් නිෂ්පාදන කළමනාකරු වේ. කලා අධ්‍යක්ෂණය සහ ඇඳුම් නිර්මාණය අජිත් හත්වැල්ලගෙනි. තාරක අධිකාරි අංග රචනයෙන් ද, බන්දුල නානායක්කාරවසම් ගී පද රචනයෙන් ද, ආනන්ද ගමගේ පසුබිම් සංගීතයෙන් ද, මෙවන් ලියනගේ නිශ්චල ඡායාරූපකරණයෙන් ද මෙයට එක් ෙවි. ඇන්ටන් ජේ. ප්‍රනාන්දු මාධ්‍ය සම්බන්ධිකරණයෙන් සහභාගි වෙයි. ශබ්ද පරිපාලනය ඩේමියන් පෙරේරා ගෙනි. කතාව දෙබස් තිර රචනය සහ විධායක නිෂ්පාදනය සුනෙත් මාලිංග ලොකුහේවා විසිනි

Share

76 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.