තණ්හා රති රඟා ඊ.ඒ.පි මණ්ඩලයේ

Avatar Cinema.lk A | October 16, 2014 588 Views 0 Likes 0 Ratings

588 Views 0 Ratings Rate it

නිලේන්ද්‍ර දේශප්‍රිය නම් අසාහය නිර්මාණකරුවාගේ කුළුදුල් සිනමාපටය “තණ්හා රතී රඟා“ මේ මස 17 වන දා පටන් ඊ.ඒ.පී මණ්ඩලයේ තිරගත කීරිමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විටත් සුදානම්ව අවසන්.පහුගිය දා අවසන් කොළඹ අන්තර්ජාතික සිනමා උළෙලේ ප්‍රදර්ශනය වු මෙම සිනමාපටය දෙස් විදෙස් ප්‍රේක්ෂකයාගේ පැසසුමට භාජනය වු සිනමාපටයක් වුණා.එම අවස්ථාවේ දැඩි ජනතා ආකර්ෂණයක් දිනාගත් මෙම සිනමාපටය මෙරට සිනමා වංශ කතාවේ හැරවුම් ලක්ෂයක් වනු ඇති බවට ඇතමුන් මත පල කර සිටියා.

කුමාර තිරිමාදුර,සරත් කොතලාවල,සහ නාමල් ජයසිංහ ප්‍රධාන භුමිකා හොබවන මෙම සිනමාපටය සරත් කොතලාවල හා කුමාර තිරිමාදුරගේ තිර රචනයක්.ජනවාර්ගික අර්බුදය නිසා කලක් අත්හැර දමා තහනම් කර තිබූ ප්‍රදේශයක සංචාරයේ යෙදෙන මිතුරන් තිදෙනෙකු වටා දිවෙන මෙම සිනමාපටය තව නොබෝ දිනකින් ඔබේ සිනමාහලටත් පැමිණෙනු ඇත.

Thanha Rathi Ranga – තණ්හා රති රඟා

 

Thanha Rathi Ranga from Nilendra Deshapriya on Vimeo.

Thanha Rathi Ranga Sinhala Film6 [1024x768] Thanha Rathi Ranga Sinhala Film7 [1024x768] Thanha Rathi Ranga Sinhala Film8 [1024x768] Thanha Rathi Ranga Sinhala Film9 [1024x768] Thanha Rathi Ranga Sinhala Film3 [1024x768] Thanha Rathi Ranga Sinhala Film2 [1024x768] Thanha Rathi Ranga Sinhala Film1 [1024x768] Thanha Rathi Ranga Sinhala Film5 [1024x768]

Share

588 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.