තරුෂිගේ හොරේ අතේ මාට්ටු

Avatar Cinema.lk A | August 28, 2013 172 Views 0 Likes 0 Ratings

172 Views 0 Ratings Rate it

තරුෂි පෙරේරා…පුංචි තිරයෙන් ආලින්දයට ගොඩවදින අහිංසකාවිය.මම එහෙම කිව්වේ තරුෂිට හැමෝම වගේ ආදරේ කරන්නේ තරුෂි ගාව තියෙන අහිංසකකම නිසා.හැමෝම තරුෂිගේ මේ ගතිගුණයට ආදරය කළත් තවත් විශේෂ කෙනෙක් මේ හින්දමද කොහොද තරුෂී ළඟම නැවතිලා ඉන්නවා.මේ දවස් වල තරුෂි යන්නේ කොහෙද අර කිව්ව විශේෂ පුද්ගලයත් තරුෂි පස්සෙන්ම එනවා.මේ වැඩේ බලන් ඉන්න බැරිම තැන මේ සිද්ධවෙලා තියෙන විපර්යාසය ගැන අපි තරුෂිගෙන්ම අහන්න තිරණය කරා.අපිට කෙලින් උත්තරයක් ලැබුණා.

ඒ මගේ ස්වාමි පුරුෂයා…

ඒ කියන්නේ තරුෂි හොරෙන්ම විවාහ වෙලා.

“හොරෙන් විවාහ වුනේ නැහැ. මාධ්‍ය හැරෙන්න මගේ වටේ පිටේ ඉන්න අනිත් අය දන්නවා මම විවාහ වෙලා කියලා. විවාහ උත්සවයක් නම් ගන්න තව කල් තියෙනවා. නමුත් ඊට පෙර අපි දැනට මාස දෙකකට විතර පෙර අපේ විවාහය ලියාපදිංචිය සිදු කළා.“

මෙහෙම කිව්වට පස්සේ ඒ වාසනාවත්න කොල්ලා ගැන අපි තරුෂිගෙන් විස්තර ටිකක් ඇහුව්වා

“එයාට වඩා මම තමයි වාසනාවන්ත. මොකද ඒතරම් මට ආදරේ කරන ස්වාමිපුරුෂයෙක් මට ලැබිම නිසා . එයාගෙ නම සුමේධ. බැංකු ක්ෂේත්‍රයේ රැකියාවක නියුක්ත වෙනවා.හරිම හොද ගතිගුණ තියෙන නිහතමානි මනුස්සයෙක්. එයාව මට මුණ ගැහු‍ණේ මගේ නංගිගේ නැන්දම්මා මාර්ගයෙන්. මොකද අපේ ගෙදරින් මට විවාහ යෝජනා හොයන කාලයක මට ආපු විවාහ යෝජනාවක් අනුව තමයි මට ඔහුව මුණ ගැහෙන්නේ.

තරුෂි අපිට නොකියා විවාහ වුනත් ඇත්තටම මේ ජෝඩුව නම් මාරේට ගැලපෙනවා.ඒ විදියට කිව්වේ පහුගිය දවසක තරුෂිලත් එක්ක ගමනක් ගිය කට්ටියක්ම තමයි හොදේ

tharushi tharushi tharushi tharushi tharushi

Share

172 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.