The Post චිත්‍රපට දර්ශනය සහ සිනමා සංවාදයක් කොළඹදී
The Post චිත්‍රපටය විදෙස් සිනමාපට ගැන උනන්දු බොහෝ දෙනෙකුට හොඳින් මතක ඇති චිත්‍රපටයක්. American political thriller චිත්‍රපටයක් වුනු මෙය 2017 වසරේ ඇකඩමි සම්මාන උළෙලේ “හොඳම චිත්‍රපටය” සහ “හොඳම නිළිය” සම්මාන ද්විත්වය ඇතුළු තවත් ප්‍රධාන සම්මාන උළෙල කිහිපයකම සම්මාන සඳහා නිර්දේශ වුනා. ඉන් සම්මාන උළෙල කිහිපයක සම්මාන දිනා ගැනීමටත් චිත්‍රපටයට හැකි වුනා. Steven Spielberg අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයට Katharine Graham ලෙස Meryl Streep සහ Ben Bradlee ලෙස Tom Hanks රංගනයෙන් දායක වුනා. තිර රචනය සිදුකලේ Liz Hannah සහ Josh Singer විසින්.
ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය මාසිකව චිත්‍රපට තිරගත කිරීමක් සහ සිනමා සංවාදයක් සංවිධාන කරනවා. මෙවර ඔවුන් තෝරාගෙන තිබෙන්නේ The Post චිත්‍රපටයයි. සැප්තැම්බර් 25 වැනිදා සවස 3.00 සිට ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේදී මේ වැඩසටහන පැවැත්වෙනවා. #96, කිරුල පාර, කොළඹ 05 ලිපිනයේ පුවත්පත් ආයතනය පිහිටා තිබෙනවා. චිත්‍රපටය නරඹා සංවාදයට එක්වීමට සිනමාවට ලැදි ඔබ සැමට ඇරියුම් කෙරෙනවා.

Written by Nisanka Weheraduwa
