“සුළඟ අප රැගෙනයාවි” 18 වැනි ලන්ඩන් අසියානු සිනමා උළෙලේ අවසන් වටයට
තරුණ අධ්‍යක්ෂකවරයෙකු වන නුවන් ජයතිලකගේ “සුළඟ අප රැගෙනයාවි” (The Wind Beneath Us) සිනමාපටය 18 වැනි ලන්ඩන් අන්තර්ජාතික අසියානු චිත්‍රපට උළෙලෙහි අවසන්වටය නියෝජනය කිරීමට අවස්ථාව උදාකරගෙන තිබේ. මෙය නව පරපුරේ අධ්‍යක්ෂකවරයෙකු වන නුවන් ජයතිලකගේ ප්‍රථම සිනමා අත්දැකීම වේ.
“සුළඟ අප රැගෙනයාවි” නිර්මාණයට දායක වී ඇති සංගීතඥ චිත්‍රාල් සෝමපාල , කැමරා ශිල්පි ස්ට්රයිනර් ඇඩම්ස් සහ නිෂ්පාදිකා (ප්‍රවීණ ගත් කරු සයිමන් නවගත්තේගම ගේ දියණිය) මායා නවගත්තේගම ඇතුලු බොහෝ දෙනෙකු ප්‍රථම සිනමා අත්දැකීම බවට “සුළඟ අප රැගෙනයාවි” පත්වී තිබීම විශේෂත්වයකි. චිත්‍රපටයේ සංස්කරණය සමන් ඇල්විටිගලගෙනි.
සුදම් කටුකිතුල, ප්‍රවීන් කටුකිතුල,සේමිනී හෙන්නනායක යන ළමා නලුනිලියන් ද අයිරාන්ගනී සේරසිංහ,ප්‍රියංකර රත්නායක ,සුරන්ගා රනවක, සම්පත් ජයවීර, අන්ජන ප්‍රේමරත්න ,සුජීව ප්‍රියාල් යන ප්‍රවීන නලු නිලියන් මෙහි රංගනයෙන් දායක වේ.
දින 16ක් වැනි කෙටි කාලයකින් රූගත කිරීම් නිම කර ඇති ඉන්ඩිපෙන්ඩන් චිත්‍රපටියක් වන “සුළඟ අප රැගෙනයාවි”හි සියලුම ශබ්ද දර්ශන තලයෙහිදීම පටිගත කර තිබීම විශේෂත්වයකි.
18 වැනි ලන්ඩන් අසියානු සිනමා උළෙලෙහි අවසාන වටයට සුදුසුකම් ලබ ඇති චිත්‍රපට අතර
I Am Nojoom, Age 10 and Divorced – Yemen
Feast of Varanasi – UK
Manto – Pakistan
Megha – India
Moor – Pakistan
For Here or To Go – American / Indian
Teenkahon – India
Chauranga – India
The Journey to Her Smile – India / United Arab Emirates
UNIndian – Australian
Waiting – UK
Written by Cinema.lk A