සෝමරත්නයන් තර්ඩ් අයි හි ජූරියට

Avatar Cinema.lk A | January 9, 2014 40 Views 0 Likes 0 Ratings

40 Views 0 Ratings Rate it

මෙරට සිටින දැවැන්ත සිනමා අධ්‍යක්ෂකවරුන් අතරින් සෝමරත්න දිසානායක මහතාට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයක්.මෙරට පමණක් නොව විදෙස් රටවල පවා කීර්තියක් හිමිකරගෙන සිටින සෝමරත්නයන්,ඉන්දියාවේ පැවැත්වෙන දොළොස් වන තර්ඩ් අයි අන්තර් ජාතික සිනමා උළෙලේ කෙටි චිත්‍රපට අංශයේ ජූරියේ සභාපති ලෙස තෝරා පත් කරගෙන තිබෙනවා.ත්‍රිපුද්ගල ජූරියක් වන මෙහි අනෙකුත් සාමාජිකයින් දෙදෙනා වනුයේ ඉන්දීය ප්‍රවීණ චිත්‍රපට විචාරිකාවක වන මයිකල් රාවෝ සහ ඉරානයේ සිනමා නිළි අධ්‍යක්ෂිකා අසාර් ෆැරමාසියි

තර්ඩ් අයි අන්තර්ජාතික සිනමා උළෙල සඳහා ලෝකය පුරා තෝරාගත් කෙටි චිත්‍රපට 30 ක් සහ දීර්ඝ චිත්‍රපට ද සමඟ චිත්‍රපට 135 ක් තරඟ වදිනු ඇති. ආචාර්ය සෝමරත්න දිසානායකගේ සිරිපැරකුම් චිත්‍රපටය ද මෙම උළෙලේ ප්‍රදර්ශනය වන නමුත් අධ්‍යක්ෂවරයා ජූරි සභිකයකු නිසා ඔහු විසින් එය තරගකාරී අංශයෙන් ඉවත් කරගෙන ඇත.මෙම සිනමා උළෙල පසුගිය තුන්වැනිදා ආරම්භ වූ අතර අදින් එය අවසන් වේ. මෙහි ප්‍රධානියා ලෙස කටයුතු කරනුයේ ඉන්දියාවේ ප්‍රවීණ සිනමාකරුවකු වන සූධීර් නන්ද්ගොන්කා වේ.

 

Share

40 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.