තයිපොංගල් සරසන ද්‍රවිඩ සිනමාපට
තයිපොංගල් කියන්නේ දමිළ ජනයා අතර ආගමික වටිනාකමක් ඇති උත්සව දිනයක්.පොන්ගල් දිනයේ කෘෂිකර්මාන්තයේදී තමන්ට උදව් කළ දෙවිදුන් වන්දනා මානකරන්න යොදා ගත්තත් සිනමාකරුවන් නම් මේ දිනය යොදාගන්නේ තමන්ගේ අලුත්ම සිනමාපටය එළිදැක්වීමටයි.මේ වසරේ තයිපොංගල් දින එළිදැක්වීම් 4ක් යොදා තිබුණත් ඒ චිත්‍රපට 4ම අති දැවැන්ත සිනමා නිර්මාණවන නිසා කොලිවුඩ් නිර්මාණකරුවන් එයින් චිත්‍රපට ද්විත්වයක් පසුවට ප්‍රදර්ශනය කිරීමට යොදාගෙන තිබෙනවා.කමල්හසන්ගේ දැවැන්ත නිෂ්පාදනයක් වන විශ්වරූපම් 2 හා කොලිවුඩ් සුපිරිතරුව රජිනිකාන්ත් හා දිපීකා පදුකෝන් රඟන ඉන්දියාවේ ප්‍රථම චලන ප්‍රතිග්‍රහන ක්‍රමයෙන් නිපද වු ත්‍රිමාණ චිත්‍රපටයක් වන “කෝච්චඩියාන්“ යන චිත්‍රපටයි මෙලෙස කල් දමා ඇත්තේ.
පොන්ගල් උත්සව සමයේ ප්‍රදර්ශනය වීමට නියමිත චිත්‍රපට ද්විත්වය වන්නේ විජය හා මොහාන්ලාල් රඟන “ජිල්ලා“ චිත්‍රපටය හා අජීත් කුමාර්ගේ “වීරම්“ චිත්‍රපට ද්විත්වයයි.මේ වන කොලිවුඩයේ දැඩි තරඟකාරි මුහුණුවරකින් ප්‍රචාරණ කටයුතු පවා අරඹා ඇති මේ සිනමා සිතුවම් දෙක ඉන්දියාවේ බ්ලෝක්බස්ටර් චිත්‍රපට ගොන්නේ ඉහළින් වැජඹෙනු ඇති බවටයි කාගේත් විශ්වාසය.
Written by Cinema.lk A


