Time by Kim Ki Duk – අප්‍රේල් 8 වැනිදා

Avatar Nisanka Weheraduwa | April 1, 2018 88 Views 0 Likes 0 Ratings

88 Views 0 Ratings Rate it

කලාව සඳහා ක්‍රියාකාරී ලීගය (Active league for Art – ALFA) සිනමා සංවාද මාලාවක් සෑම මසකම පාහේ පවත්වනවා. විවිධ චිත්‍රපට. සිනමා නිර්මාණකරුවන් ආදිය මුලාශ්‍ර කොටගෙන ම එම වැඩසටහන් මාලාව සංවිධාන කෙරෙනවා. එහි අප්‍රේල් මස දිගහැරුම වෙන්වන්නේ කොරියානු ප්‍රකට සිනමාකරු Kim Ki Duk වෙනුවෙන්.

Time by Kim Ki Duk මෙවර වැඩසටහන නම් කොට තිබෙනවා. අප්‍රේල් මස 08 වැනි ඉරිදා සවස 4.00ට මෙම සංවාද මණ්ඩපය පැවැත්වෙනවා. ජාතික චිත්‍රපට සංස්ථා ශ්‍රවණාගාරයෙදී මෙම වැඩසටහන පැවැත්වෙනු ඇති. සංවාද මණ්ඩපයේ මුලික අදහස් දැක්වීම නදීකා බණ්ඩාර විසින් සිදු කිරීමට යෝජිතයි. Kim Ki Duk සහ ඔහුගේ සිනමාවට ප්‍රිය කරන සිනමා රසිකයින්ට එදිනට මේ සංවාද මණ්ඩපය සමග එක්වන ලෙස කලාව සඳහා ක්‍රියාකාරී ලීගය ඇරියුම් කර සිටිනවා.

Share

88 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.