මගේ පෙම්වතා නළුවෙකුට වඩා කඩවසම් – උපේක්ෂා

Avatar Cinema.lk A | December 18, 2013 51 Views 0 Likes 0 Ratings

51 Views 0 Ratings Rate it

පහුගිය දිනක අපි උපේක්ෂා,අලුත් ප්‍රේමයක පැටලී ඇති බව කියන ආරංචිය ඔයාලට දුන්න නේ.ඒත් අපි ඒ කවුද කින්ද මන්ද කියලා කියන්න ගියේ නැත්තේ උපේක්ෂා ඒ ගැන පසුවට කියන්නම් කියු නිසයි.ඔන්න දැන් උපෙක්ෂා එයාගේ අලුත්ම ප්‍රේමයේ අලගිය මුලගිය තැන් කතා කරන්න පටන් අරන්.ඒත් එහෙමකට විස්තර ගොඩාක් නැතුව,අඩුම ගානේ ඔහුගේ නමවත් නොකියා ඒ විස්තර ගැන උපෙක්ෂා කතා කලේ මෙන්න මෙහෙමයි.උපේක්ෂා කියන විදියට මැරනකම්ම නොබැඳ ඉන්න තීරණය කළ ඇයට ජීවිතය ගැන දෙවෙනි පාරටත් හිතන්න කියලා උදව් කරලා තියෙන්නේ ඇගේ අම්මාලු.ඒ වගේම ඇයගේ හිත දිනාගත් මේ වාසනාවන්තයා කලාවටත්,දේශපාලනයටත් කිසිම සම්බන්ධකමක් නැතිලු.ඔහු ව්‍යාපාරිකයෙක්ලු.උපේක්ෂාට වඩා දැන උගත් බවින් හා වයසින් මුහුකුරා ගිය කෙනෙකු නිසාලු උපේක්ෂාගේ හිත වැඩිපුරම ඒ දිහාවට ඇදිලා ගිහින් තියෙන්නේ.ඒ වගේ ඔහු හරිම විවෘත අදහස් ඇති ප්‍රසිද්ධ වීමට අකමැති ගුණයහපත් මහත්මයෙක්.

මෙන්න මෙහෙම ඔහු ගැන ගුණ වැලක්ම කියාගෙන ගිය උපේක්ෂාගෙන් ඔහු කඩවසම්ද කියලත් අහන්න අමතක කරේ නෑ.එතකොට ඇය කිව්වේ හේමාල්ලා,සුරාජ්ලා,සාරංගලා වැනි නව පරපුරේ නළුවෙකුටත් වඩා ඔහු කඩවසම් කියලා.

 

Share

51 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.