VIDEO: අමීර් ඛාන්ගේ නවතම චිත්‍රපටය – Talaash

Avatar Cinema.lk | September 12, 2012 66 Views 0 Likes 0 Ratings

66 Views 0 Ratings Rate it

සුප්‍රසිද්ධ නළුවකුගේ මෝටර් රථය අනතුරකට පත්වීමේ සිදුවීමක් මත ගොඩ නැගෙන, අමීර් ඛාන් රඟන නවතම චිත්‍රපටයයි Talaash. කැළඹුණු ස්වභාවයකින් යුත් පෙනුමකින් හා සිරුරට මනාම ගැලපෙන පොලිස් නිළ ඇඳුමකින් සැරසී සිටින අමීර් මෙම චිත්‍රපටයේ දී බිහිසුණු අපරාධ විමර්ශනයේ යෙදෙන පොලිස් නිළධාරියකුගේ චරිතයට පණ පොවයි. පොලිස් නිළධාරියා (Shekhawat) ගේ ඒකාග්ගතාව බිඳිමින් ඔහුගේ සිත වික්ෂිප්ත කිරීමට සමත් වන ගණිකාවකගේ චරිතයට පණ පොවන්නේ කරීනා කපූර් ය.

නිතර තම සැමියාගේ අත්භූත නිහඬ හැසිරීම පිළිබඳ මැසිවිලි නඟන Shekhawat ගේ බිරියගේ චරිතයට පණ පොවනු ලබන්නේ රාණී මුඛර්ජි ය.

තම වෘත්තියත් විවාහ ජීවිතයත් අතරට මැදිවී ඝට්ඨනය වන අතර මෝටර් රථ අනතුර හා සම්බන්ධ විවිධ අවදානම් අවස්ථාවලට මුහුණ දෙන Shekhawatට අවසානයේ කුමක් සිදු වේද?

Share

66 Views 0 Ratings Rate it

Written by Cinema.lk



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.