ලංකාවේ චිත්‍රපටයක් ප්‍රථම වරට ඉන්දියාවේ සිනමාහල් වල තිරගත වේ.

Avatar Cinema.lk | June 16, 2014 90 Views 0 Likes 0 Ratings

90 Views 0 Ratings Rate it

මෙරට සිනමා ඉතිහාසයේ ප්‍රථම වතාවට සිංහල චිත්‍රපටයක් ඉන්දියාවේ ප්‍රධාන නගර පහක පිහිටි සිනමා ශාලා 17ක එකවර ප්‍රදර්ශනය වීමට නියමිතය.

සම්මානනීය අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේගේ නවතම සිනමා කෘතිය වන ‘ඔබ නැතුව ඔබ එක්ක’ චිත්‍රපටය මෙලෙස තිරගත වන අතර ලබන 20 වනදා පටන් ප්‍රදර්ශණය ආරම්භ වීමට නියමිත යි. පශ්චාත් යුද සමයේ ශ්‍රී ලංකාව පසුබිම් කරගත් මෙම චිත්‍රපටය තිරගත වනුයේ ඉන්දිය සුප්‍රකට චිත්‍රපට ශාලා ජාලයක් වන පී. වී. ආර්. සිනමා සංකීර්ණ ජාලයේය.

මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට රංඟනයෙන් දායක වූ අන්ජලී පටිල් ඉන්දීය ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ හොඳම නිලියට හිමි රජත මයුර සම්මානයෙන් පුද ලැබීය.  මේ චිත්‍රපටයේ ඇය නිරූපණය කරන්නේ මැදිවියේ සිංහල පුරුෂයෙක් හා එක්වන දෙමළ තරුණියගේ චරිතයයි.

Poster

Related:

ප්‍රසන්නගේ චිත්‍රපටයට සම්මාන පිට සම්මාන

ප්‍රසන්න විතානගේ ‘ඔබ නැතිව ඔබ එක්ක’ ලන්ඩන් යයි

රන් පා පැදිය ප්‍රසන්නට

Share

90 Views 0 Ratings Rate it

Written by Cinema.lk



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.