“අමාවක” චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් කොළඹදී

Avatar Nisanka Weheraduwa | April 2, 2018 68 Views 0 Likes 0 Ratings

68 Views 0 Ratings Rate it

“අමාවක” (Invisible moon) චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී මෙම සිනමා දර්ශනය පැවැත්වීමට නියමිතයි. අප්‍රේල් මස 06 වැනි සිකුරාදා සවස 5.30ට මෙම චිත්‍රපට දර්ශනය තිරගත වීමට නියමිතයි.

The owl view production නිෂ්පාදනයක් වන අමාවක චිත්‍රපටය විජිත ගුණරත්නගේ නිර්මාණයක්. 2017 වසරේ නිර්මාණය වුනු මෙම සිංහල චිත්‍රපටය විනාඩි 100ක ධාවන කාලයකින් යුක්තයි. මෙදින “අමාවක” හෙවත් (Invisible Moon) චිත්‍රපටයේ පැවැත්වෙන විශේෂ දර්ශනයට සහභාගී වන ලෙස සිනමාලෝලින්ට ඇරියුම් කර සිටිනවා.

 

Share

68 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.