අසමත් රාජ්‍යයක Out Of Focus ජීවිත අත්විඳින්න – සූස්ති

Avatar Nisanka Weheraduwa | July 23, 2020 755 Views 0 Likes 1.5 On 2 Ratings

755 Views 1.5 On 2 Ratings Rate it

අසමත් රාජ්‍යයක Out of focus ජීවිතයක්. ඒ තමයි සූස්ති චිත්‍රපටයේ තේමා පාඨය විදිහට යොදාගත් වාක්‍යය. මොකක්ද මේ සූස්ති..?

“සියදිවි නසාගන්න හිතිල තියෙනවනම්, කවදමහරි දවසක, එහෙමත් නැත්නම් එහෙම හිතෙයි කියල හිතනවා නම්, මේ චිත්‍රපටය අනිවාර්යෙන් බලන්න” චිත්‍රපටයේ තිර රචකයා සහ ප්‍රධාන නළුවා වුනු කලණ ගුණසේකර එහෙම කියනවා.

කොළඹදී සියදිවි නසාගන්න ලැහැස්ති වෙන සූසාට මාලකව මුණගැහෙන්නේ අහම්බයකින්. දිවි නසාගැනීම ටිකකට කල්දාන මේ දෙන්නා අරමුණක් නැතිව ඔහේ ඇවිදින්න පටන් ගන්නවා. විවිධ පළාත්වල විවිධ පාරවල් වල පරිසරය, සත්තු, මිනිස් ජීවිත, සියල්ල විඳිමින් ඇවිදිනවා. ඒ ගමන මොන විදිහේ එකක්ද කියල දකින්න දැන් සිනමා ප්‍රේක්ෂකයින්ට අවස්ථාව තිබෙනවා. දිවයින පුරා CEL සිනමාහල් වලින් මේ චිත්‍රපටය නරඹන්න පුළුවන්.

කුෂාන් වීරරත්න අධ්‍යක්ෂණය කළ “සූස්ති” චිත්‍රපටයට තිර රචනයෙන් කලණ ගුණසේකර සහ නිෂ්පාදනයෙන් යූ.ඒ.පල්ලියගුරු දායක වුනා. කලණ ගුණසේකර සහ සමනලී ෆොන්සේකා ප්‍රධාන චරිත නිරූපණය කරන අතරේම මොරීන් චාරුණි සහ ඩබ්ලිව්.ජයසිරි සෙසු චරිත නිරූපණය කරනවා. චින්තක සෝමකිර්ති කැමරා අධ්‍යක්ෂණයෙන්, චිමන්ත මහානාමගේ සංස්කරණයෙන්, යශෝධ ධනුපමගේ වර්ණ සංකලනයෙන්, ආශා රාජපක්ෂගේ සංගීත නිර්මාණයෙන්, චිත්‍රපටය නිමවී තිබෙනවා. මනනුවන් රූපසිංහ වේශ නිරූපණයෙන් මේ චිත්‍රපටයට දායකත්වය සැපයුවා.

ඔබ තවමත් මේ “සූස්ති” අත්වින්දේ නැතිනම්, මේ ඔබට අවශ්‍යම වන ඉඟියක්.

Share

755 Views 1.5 On 2 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.