ආදරණීය ජෝ මහත්තයා
ගම්මන පටබැඳිගේ දොන් ජෝන් අබේවික්‍රම හෙවත් අප දන්නා “ජෝ” අබේවික්‍රම සිංහල සිනමාවට එක් වන්නේ විකට නළුවෙකු වශයෙනි. එහෙත් ඔහුගේ දක්ෂතා දකින අධ්‍යක්ෂවරැන් ඔහු එම සිමාවෙන් ඔබ්බට ගොනගොස් චරිතාංග නළුවෙකු බවට පත්කරයි. උපතින්ම ගැමිකම රැගෙන ආ ජෝ ලාංකීය මිනිසුන්ගේ චරිතවල දිග පළල හොදින් දැන සිටියේය. එම නිසාම තමා රගපාන චරිත වල ජීවත්වෙමින් එම චරිත සදහා උපරිම සධාරණය කිරීමට ජෝට හැකිවිය.
සරසවි සම්මාන රැසක් දිනු ජෝ, අන්තර් ජාතික සිනමාව ද දිග්විජය කළේය. ඒ 1999 වසරේ පැවති සිංගප්පූරු අන්තර් ජාතික චිත්‍රපට උළෙලේදී ආසියානු හොදම නළුවා වෙනුවෙන් පිරිනැමුණු රිදී තිර සම්මානයටය. ඒ “පුරහඳ කළුවර” චිත්‍රපටයේ පියාටය.
”රත්නපුර ලෙල්ලොපිටිය ග්‍රාමයේ දී උපත ලද ජෝ අබේවික්‍රම ළමුන් සිව් දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා විය. කුඩා කළ හැදුණු වැඩුණු පරිසරය හා වටපිටාව හේතුවෙන් ඔහු තුළ වෙහෙස වී වැඩ කිරීමට මෙන්ම පරිසරය පිළිබඳ ප්‍රසංශාත්මක චින්තනයක් වර්ධනය කර ගැනීමට හැකිවිය.
දිප්පිටිගල මිශ්‍ර පාසල, රත්නපුර සීවලී සහ රත්නපුර ශාන්ත ආලෝෂියස් යන විදුහල්වලින් අධ්‍යාපනය ලද ඔහුගේ ජීවන අභිලාෂය ව පැවතුණේ සංගීතඥයකු බවට පත් වීම ය. 1940 දශකය අග භාගයේ දී වසරේදී ඔහු කොළඹ ප්‍රදේශයේ පදිංචි ව සිරිසේන විමලවීරගේ නව ජීවන නම් චිත්‍රාගාරයෙහි සේවය කිරීම ආරම්භ කළේය. ආරම්භක අවධියේදී ඔහු කාර්යාල කටයුතු ඉටුකරන්නෙකු ලෙස ක්‍රියා කළ නමුත් අවසානයේදී චිත්‍රාගාරය මගින් රත්නපුර ප්‍රදේශයේදී පටිගත කළ චිත්‍රපට හා සම්බන්ධ වීමේ අවස්ථාව ඔහුට හිමිවිය”
නුඹ නැති සිනමා අහස් කුස නිදිබරව විඩා හරිනු ඇත. ඒ නැවතත් නුඹ ඒ අහස එළිය කරනු ඇති යන හැගීම නිසාය.






Written by Cinema.lk A
