ඉරාන සිනමා දැක්ම – මීළඟ පියවර
ඉරාන සිනමාව ආසියානු කලාපයේ සිනමාව අතර සුවිශේෂී තැනක් ගන්නවා. ඒ ඉරාන සංස්කෘතිය සහ අදාළ සංස්කෘතිය තුළ හිඳිමින් සිනමාකරුවන් තමන්ගේ විෂය භාවිතා කරන ආකාරය නිසාවෙන්. බොහෝ විට ඉරාන සිනමාපට හරහා අපූරු තේමාවන් සිනමාත්මක ලෙස භාවිතා කරන්නට සිනමාවේදීන් සමත් වනවා. එවන් අපූරු සිනමාපටයක අත්දැකීමක් ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයා වෙත ගෙන ඒමට ඉරාන සංස්කෘතික ආයතනය කටයුතු කරනවා. සෑම මසකට වරක් ඉරාන සිනමාපටයක් රසවිඳීමට සහ ඒ පිලිබඳ යම් සංවාදයක් ඇතිකර ගැනීමට ඉඩකඩ සලසන ඉරාන සිනමා දැක්මක් පැවැත්වීමට ඔවුන් කටයුතු කරනවා.
මැයි මාසය සඳහා වූ ඉරාන සිනමා දැක්ම මෙවරත් පැවැත්වීමට සියල්ල සුදානම්. මැයි මස 31 වැනි බ්‍රහස්පතින්දා මෙම සිනමාදක්ම පැවැත්වෙනවා. එදින සවස 5.30ට ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී මෙම චිත්‍රපටය තිරගත වනවා. Once upon a time love and betrayal චිත්‍රපටය මෙවර තිරගත කිරීමට නියමිතයි. 31 වැනිදා සවස 5.30ට චිත්‍රපට දැක්ම පැවැත්වෙනවා. සම්පුර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන මෙම සිනමා දැක්මට සම්බන්ධ වන ලෙස සිනමාලෝලීන් වෙත විවෘත ආරාධනාවක් කෙරෙනවා.
Written by Nisanka Weheraduwa

