චත්‍ර මාසික සිනමා දැක්ම මෙවරත්
චත්‍ර මාසික සිනමා දැක්ම කලක් තිස්සේ ක්‍රියාත්මක වන සිනමා වැඩසටහනක්. මේ යටතේ විවිධ සිනමා කෘතීන් ප්‍රදර්ශනය කිරීම සිදු වනවා. විශේෂයෙන්ම ලිංගික සුළුතරය ලෙස දැක්වෙන ප්‍රජාව පිළිබඳව ලොව පුරා සිනමාවේදීන් නිර්මාණය කළ විවිධ භාෂාවන්ගෙන් යුතු චිත්‍රපට මේ යටතේ ප්‍රදර්ශනය වනවා. ඒ වගේම විවිධ සමාජ ගැටළු පිළිබඳව කතාබහට ලක් කරන චිත්‍රපට සඳහාත් ඔවුන් අවධානය යොමු කරනවා.
මෙවරත් ඔවුන් තවත් වෙනස් ආකාරයක චිත්‍රපටයක් ප්‍රදර්ශනය සඳහා තෝරාගෙන තිබෙනවා. The gay and wondrous life caleb gallo චිත්‍රපටය මෙවර ප්‍රදර්ශනය කිරීමට නියමිතයි. මැයි මස 12 වැනි සෙනසුරාදා සවස 4.00 සිට මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම සිදුවන බව චත්‍ර සංවිධානය පවසනවා.
2016 වසරේ සිට ක්රියාත්ම වන මෙම කණ්ඩායම ස්වෙච්චා සමාජ කණ්ඩායමක් වශයෙන් ක්‍රියාත්මක වනවා. විශේෂයෙන්ම LGBTIQ ප්‍රජාව මුලික කරගනිමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ප්‍රජාව දැනුවත් කිරීම වැනි කටුතු මේ හරහා සිදුකෙරෙනවා. චිත්‍රපට දර්ශන නාට්‍ය දර්ශන ඇතුළු ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් ඔවුන් මේ වනවිටත් ක්‍රියාත්මක කොට තිබෙනවා. සිනමාපටය ප්‍රදර්ශනය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් 0719 330 265 අංකයෙන් විමසීමට හැකියාව තිබෙනවා.
Written by Nisanka Weheraduwa
