ජනක අබේවර්ධන ගුරුපියාණනී මේ සම්මානේ ඔබටයි..!
ශ්‍රී ලාංකේය සිනමාවේ ඉදිරි ගමන වෙනුවෙන් TV දෙරණ විසින් සංවිධානය කරනු ලැබු ප්‍රථම දෙරණ ලක්ස් සිනමා සම්මාන උළෙල පසුගිය දා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුවා.මෙම සිනමා සැණකෙළියේ සුන්දරත්වය අද රාත්‍රී 9.45 TV දෙරණ ඔස්සේ දැක ගැනීමට අවකාශ ලැබෙනවා.රිදී තිරයේ තරු එකම තැනකට එක්කාසු කළා වු ඒ සොඳුරු රාත්‍රියේ සිදුවු සුන්දර සිදුවීම් රැසක් cinema.lk අපගේ සිත් තුළ තැන්පත් වුයේ මෙලෙසිනි.
වසරේ ජනප්‍රියම නළුවා ලෙසින් සම්මානයට ප්‍රාත්‍ර වු පුබුදු චතුරංග තමන් ට හිමි සම්මානයත් අතැතිව මෙතෙක් තමන් ආ ගමන් මඟ ගැන සිහිපත් කළා
“මේ ලබගත්ත ජයග්‍රහණය මට අයිති එකක් නෙවෙයි.මේක අයිති මට මෙතෙන්ට එන්න උදව් කරපු කෙනාට,ඔහු තමයි මගේ ගුරුවරයා..මගේ මේ ආසාව ඔහුව කියපු වෙලාවේ මගේ අතට රුපියල් 6000ක් දීලා ගිහින් හොඳම නළුවා වෙලා වරෙං කියලා කිව්වේ ඔහුයි….ජනක අබේවර්ධන ගුරුපියාණනී මේ සම්මානේ ඔබටයි….“
පුබුදු එහෙම කියලා බැහැලා යද්දී ඊට කලින් වේදීකාවට ගොඩවෙලා මුළු සභාවම අඩවපු කෙනෙක් හිටියා.ඒ වෙන කවුරුවත් නෙවෙයි අපි හැමෝම ආදරය කරන තිරිමාදුරයි.හොඳම සහය නළුවාට හිමි සම්මානය ලබා ගැනිමෙන් අනතුරුව ඔහු ඔහුගේ හඩ අවදී කළා.
“‘මේ සම්මානය හිමි මගේ අම්මට. එතුමිය තමයි මට පුංචි කාලේ තාත්තට හොරා චිත්‍රපටි බලන්න සල්ලි දුන්නෙ.ගැලරියට වෙලා ගාමීණි ලා විජය ලා රඟපානවා බලපු මට මෙහෙම සම්මානයක් ලැබේවී කියලා මම හීනෙකින්වත් හිතුවේ නෑ.මේ අවස්ථාව මට ලැබුනේ මගේ අම්මට පිං සිද්ද වෙන්න.මේ මොහොත වන විට මගේ අම්මා ඉතාමත් අසනීප තත්ත්වයෙන් ඉන්නෙ.
ඇගේ ඇස් දෙකේ පෙනීමත් අඩු වෙලා.මේ රාත්‍රියේ මගේ පළමු රාජකාරිය මේ සම්මානය මගේ අම්මගෙ පින්වන්ත දෑත මත තබන එක. මං අද පළමුවෙන්ම කරන්නේ ඒක….“
ඔයගොල්ලන්ට තවත් මේ වගේ සුන්දර අත්දැකීම් දැක බලා ගන්නට ඕනේ නම් අද රාත්‍රී 9.45 TV දෙරණ බලන්නම වෙනවා.
Written by Cinema.lk A
