ජනවාරි 01 වැනිදා සිනමාහල් යළි විවෘත කෙරේ.

Avatar Nisanka Weheraduwa | December 28, 2020 77 Views 1 Like 0 Ratings

77 Views 0 Ratings Rate it

COVID-19 වෛරසය ව්‍යාප්තවීම හේතුවෙන් වසා දැමුණු සිනමාශාලා යළි විවෘත කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරනවා. ඒ අනුව එළඹෙන 2021 වසරේ අනවාරි 01 වැනිදා සිට සිනමාහල් යළි විවෘත කෙරෙනු ඇති. හුදෙකලා කොට ඇති ප්‍රදේශ හැර අනිකුත් සියලු ප්‍රදේශයන්හි සිනමාහල් මෙලෙස විවෘත කිරීමට තීරණය කළ බව දෙනලද සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ කටයුතු කරමින් සිනමාපට තිරගත කිරීම් ඇරඹිය හැකි බවත් එම නිවේදනයේ සඳහන්.

පවතින තත්වය යටතේ දිගින් දිගටම සිනමාහල් වසා දැමීම සිනමාව සහ සිනමාශාලා තවත් අර්බුධයකට ගෙනයාමක් බවත් ඒ හේතුවෙන් මේ පිලිබඳ සැලකිල්ලක් දක්වන ලෙසත් චිත්‍රපට නිෂ්පාදකයින්, අධ්‍යක්ෂවරුන් සහ ප්‍රදර්ශකයින්ගේ සංගමය අග්‍රාමාත්‍ය වරයාගෙන් ඉල්ලීමක් කොට තිබුනා. ඒ අනුව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස අගමැතිවරයා විසින් මෙම තීරණය ගෙන ඇති බව අගමැති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.

නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින්, සියලු පූර්ව ආරක්ෂක ක්‍රමවේදයන්ට අනුව සිනමාපට තිරගත කිරීම් අරඹන ලෙස සිනමාහල් හිමියන් වෙත අග්‍රාමාත්‍යවරයා දැනුම් දෙන බවත් මාධ්‍ය නිවේදනයේ සඳහන්.

Share

77 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.