දීපිකා පදුකෝන් ලංකාවේ රූගත කිරීමක

Avatar Nisanka Weheraduwa | November 23, 2017 493 Views 0 Likes 0 Ratings

493 Views 0 Ratings Rate it

සුපිරි බොලිවුඩ් නිලියක් වගේම බොලිවුඩ් පුරයේ මෑත කාලයේ වඩාත් කතාබහට ලක්වන පුවත් මවන්නියක් විදිහට දීපිකා පදුකෝන් ප්‍රසිද්ධයි. දෙසැම්බර් මාසයේදී තිරගත වීමට නියමිත සංජය ලීලා බන්සාලිගේ “පද්මාවතී ” චිත්‍රපටයෙන් ඇය ළඟදීම ප්‍රේක්ෂකයින් හමුවට පැමිණීමට නියමිතයි. කොහොම වුනත් සරාගී බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් පසුගියදා ලංකාවේ සිටි බව වාර්තා වුනා. ඒ දෙසැම්බර් මාසයේ පලකෙරෙන Filmfair සඟරාවෙ රුගත කිරීමකට. දීපිකාගේ සරාගී සේයාරු එකතුවක් මේ සඳහා රුගත කොට තිබෙන බව සඳහන්. ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශ සහ මධ්‍යම කඳුකරයේත් මේ රුගත කිරීම් සිදුකල බව සඳහන්. Errikos Andreou මේ රුගත කිරීමේ චායාරුප ශිල්පියා වුනා. ඔහුගේ බ්ලොග් පිටුව සහ Instagram  ගිණුම හරහාත් දීපිකාගේ Instagram ගිණුම හරහාත් මේ පින්තුර අන්තර්ජාලයට මුදාහැර තිබුනා. මනස්කාන්ත ශ්‍රී ලංකාවේ පරිසරයේ රුගත කළ දීපිකාගේ සරාගී පින්තුර එළඹෙන Filmfair සඟරාවෙන් දැකබලා ගැනීමේ අවස්තාව තිබෙනවා.

44 33 22 11 55 10 8 6 1 7

 

Share

493 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.