දෙරණ සිනමා උළෙලට ප්‍රේක්ෂක සහභාගිත්වය

Avatar Nisanka Weheraduwa | October 4, 2017 50 Views 0 Likes 0 Ratings

50 Views 0 Ratings Rate it

පස්වැනි දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන උළෙල ඔක්තෝබර් 06 වැනිදා නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්වෙනවා. 2016 වසරේ තිරගත කෙරුණු සිනමාපට 23ක් අතුරින් ජූරියේ තීරණ මත විශිෂ්ටයින් සම්මානයෙන් පිදුම් ලබනවා. දෙරණ මාධ්‍ය ජාලය සමග රැඳෙන  ප්‍රේක්ෂකයින් සම්මාන උළෙලට සම්බන්ධ කරගන්නත් දෙරණ අමතක කලේ නැහැ. සිනමා සම්මාන උළෙල නැරඹීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලබා දෙන්න දෙරණ තීරණය කළා. cinema.lk වෙබ් අඩවිය සහ Facebook පිටුව හරහා පැවැත්වූ ප්‍රශ්න විචාරාත්මක තරගයකින් ජයග්‍රහණය කළ ප්‍රේක්ෂකයින්ට සිනමා උළෙල සඳහා ප්‍රවේශපත් ලබාදීම සිදු වුනා. දින කිහිපයක් තිස්සේ තරග වැදුණු ප්‍රේක්ෂකයින් අතුරින් 25 දෙනෙකුට මේ අයුරින් සිනමා උළෙල නැරඹීමේ අවස්ථාව හිමිවුනා.

Share

50 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.