දෙරණ සිනමා සම්මාන අද රාත්‍රියේ

Avatar Nisanka Weheraduwa | October 6, 2017 51 Views 0 Likes 0 Ratings

51 Views 0 Ratings Rate it

දෙරණ මාධ්‍ය ජාලය සන්සිල්ක් සමග එක්ව පස්වැනි වරටත් සංවිධාන කෙරෙන සිනමා සම්මාන උළෙල අද (ඔක්තෝබර් 06 වැනිදා) කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්වෙනවා. 2016 වසරේ තිරගත කෙරුණු චිත්‍රපට 23ක් අතුරින් විශිෂ්ට නිර්මාණ සහ ශිල්පීන් සඳහා සම්මාන පිරිනැමීමට සැලසුම් කොට තිබෙනවා. Cinema of Tomorrow (හෙට දවසේ සිනමාව) විශේෂාංගය යටතේ මෙවර නවක සිනමා කරුවන් පස්දෙනෙකුගේ නිර්මාණ ප්‍රදර්ශනය කිරීමත් සිනමා උළෙලට සමගාමිව සිදුවුනා. ඒ නිර්මාණ අතුරින් ජූරියේ තීරණය මත විශිෂ්ටම සිනමාපටයට සම්මාන ප්‍රධානය කිරීමත් සිනමා සම්මාන රාත්‍රියේදී සිදු වනවා. කෙටි චිත්‍රපට තරගය සුපුරුදු පරිදි දෙරණ සිනමා උළෙල නියෝජනය කරන තවත් විශේෂාංගයක්. ජූරියේ තීරණය මත වසරේ හොඳම කෙටි චිත්‍රපට නිර්මාණ කරුවා වෙනුවෙන් සම්මාන ප්‍රධානය කිරීමත් අද රාත්‍රියේදී සිදු වනවා.

දෙරණ සිනමා සම්මාන උළෙල දෙරණ TV ප්‍රේක්ෂකයින්ට නැරඹීමේ අවස්ථාව ලබාදෙන්නත් TV දෙරණ සුදානම්. රාත්‍රී 9.30 සිට දෙරණ TV ඔස්සේ සිනමා සම්මාන උළෙල විකාශය කෙරෙනවා. රට පුරා දෙරණ TV ප්‍රේක්ෂකයින්ට අද රාත්‍රී සිනමා සම්මාන උළෙල නරඹන්න හැකියාව තිබෙනවා.

Share

51 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.