දෙරණ සිනමා සම්මාන උළෙල නැරඹීමට අවස්ථාවක්

Avatar Nisanka Weheraduwa | September 29, 2017 61 Views 0 Likes 0 Ratings

61 Views 0 Ratings Rate it

දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන 2017 පිලිබඳ සිනමා රසික ඔබ මේ වනවිට හොඳින්ම දැනුවත්. ඔක්තෝබර් 06 වැනිදා නෙලුම් පොකුණ රඟහලේදී මේ සිනමා උළෙල පැවැත්වෙනවා. 2016 වසරේ තිරගත වුනු ඔබ රසවිඳි සිනමාපට 23ක් අතුරින් විශේෂිත ප්‍රවීණ ජූරියක් මගින් තෝරාගත් චිත්‍රපට සහ ශිල්පින් සඳහා මෙම සම්මාන උළෙලේදී සම්මාන ප්‍රධානය කෙරෙනවා.

ඔබ වඩාත් කැමති, වඩාත් ආදරය කරන සිනමා නළු නිළියන් ඇතුළු ශිල්පීන් සම්මානයට පාත්‍රවන අයුරු සජීවීව නරඹන්න සීමිත සිනමා රසිකයින් පිරිසකට අවස්ථාව ලබාදීමටත් දෙරණ මාධ්‍ය ජාලය කටයුතු කොට තිබෙනවා. cinema.lk වෙබ් අඩවියට  පිවිස එහි පැවැත්වෙන තරගයට එකතු වීමෙන් මේ ප්‍රවේශපත් දිනාගැනීමට සිනමා රසිකයින්ට අවස්ථාව හිමිවෙනවා. සිනමා ක්ෂේත්‍රයට අදාළ පහසු ප්‍රශ්න පහක් දිනපතා යොමුකිරීමට තරග සංවිධායකයින් කටයුතු කරනවා. ඒ ප්‍රශ්න සඳහා නිවැරදි පිළිතුරු ලබාදෙන සිනමා රසිකයින් අතුරින් දිනකට ජයග්‍රාහකයින් 05ක් තෝරා ගැනෙනවා. එක් අයකුට ප්‍රවේශපත්‍ර දෙකක් බැගින් දිනාගැනීමට ජයග්‍රාහකයින්ට හැකියි. cinema.lk වෙබ් අඩවියෙන් සහ ෆේස්බුක් පිටුවෙන් මෙම තරගයට සහභාගී වීමට සිනමා රසිකයින්ට හැකියාව ලැබෙනවා.

Share

61 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.