දෙරණ සිනමා සම්මාන – ජනප්‍රියම නළුවා – ඔබේ මනාපය කාටද..?

Avatar Nisanka Weheraduwa | September 26, 2017 49 Views 0 Likes 0 Ratings

49 Views 0 Ratings Rate it

Derana Sunsilk Film Awards 2017 සිනමා ක්ෂේත්‍රයේ විශිෂ්ටයින් ඇගයීමට දෙරණ මාධ්‍ය ජාලය තැබූ දැවැන්ත පියවරක්. වෘතාන්ත චිත්‍රපට සඳහා ඇගයීම් සම්මාන පිරිනැමීම, හෙට දවසේ සිනමාව තේමාව යටතේ පැවැත්වෙන සිනමා උළෙල සහ කෙටි චිත්‍රපට ඇගයීමේ තරගයත් මේ සිනමා උළෙලේ විවිධාංග ලෙස පැවැත්වෙනවා. විශිෂ්ටන් සඳහා ක්ෂේත්‍රයේ ප්‍රවීණ ජූරියක් මගින් ඇගයීම් කටයුතු සිදුකොට සම්මාන පිරිනැමෙන අතරම, ජනප්‍රියම සම්මාන සඳහා සිනමාලෝලි ප්‍රේක්ෂක මනාපය ලබාගන්නත් සංවිධායකයින් සුදානම්.

දෙරණ සිනමා සම්මාන උළෙලේ ජනප්‍රියම නළුවා කවුරුන්ද යන වග තෝරා ගැනීමට ප්‍රේක්ෂක ඔබට දැන් අවස්ථාව තිබෙනවා. නිර්දේශිත නම් අතුරින් ඔබේ මනාපය කාටද යන්න කෙටි පණිවිඩයක් (SMS) මගින් යොමු කිරීම පමණයි ඔබ කළ යුත්තේ. දෙරණ සිනමා සම්මාන උළෙලේ ජනප්‍රියම නළුවා සඳහා නිර්දේර්ෂ වුනු ඔබ වඩාත් කැමති ශිල්පීන්ගේ නාමාවලිය සහ ඔවුන්ට අදාළ අංක මේ.

01. හේමාල් රණසිංහ

04. චරිත් අබේසිංහ

05. පුබුදු චතුරංග

07. රන්ජන් රාමනායක

09. රොෂාන් රණවන

12. උද්දික ප්‍රේමරත්න

13. බිමල් ජයකොඩි

15. මහේන්ද්‍ර පෙරේරා

19. සාරංග දිසාසේකර

21. බුද්ධික ජයරත්න

22. ධර්මප්‍රිය ඩයස්

23. දසුන්  පතිරණ

29. ජෙහාන් අප්පුහාමි

30. අශාන් ඩයස්

32. විශ්ව ලංකා

2016 වසරේ තිරගත වුනු චිත්‍රපට සඳහා රංගනයෙන් දායක වුනු මේ රංගන ශිල්පින් අතුරින් ජනප්‍රියම නළුවා කවුරුන්දැයි තෝරාගන්නේ ඔබේ මනාපය මත. DFA(හිස්තැනක්)ඔබ වඩාත් කැමතිම නළුවාට හිමි අංකය යොදා 9900 අංකයට ඔබේ කෙටි පණිවිඩය යොමු කරන්න ඔබට පුළුවන්. ලැබෙන මනාප අනුව වැඩිම ප්‍රේක්ෂක මනාපය හිමි රංගන ශිල්පියා 2016 වසරේ ජනප්‍රියම නළුවා ලෙස දෙරණ සිනමා සම්මාන රාත්‍රියේදී අභිෂේක ලබාවි.

 

Share

49 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.