බංග්ලාදේශ සිනමා උළෙල එළඹෙන සති අන්තයේ කොළඹදී

Avatar Nisanka Weheraduwa | March 17, 2018 35 Views 0 Likes 0 Ratings

35 Views 0 Ratings Rate it

බංග්ලාදේශ මහා කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව හා එක්ව බංග්ලාදේශ සිනමා උළෙලක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ශ්‍රී ලංකාවේ පළමු වරට බංග්ලාදේශ සිනමා උළෙලක් සංවිධානය වන අවස්ථාව මෙය බව පැවසෙනවා. සාමාන්යෙන් රාජ්‍ය මට්ටමින් පැවැත්වෙන චිත්‍රපට උළෙලවලදී නැරඹීමට අවස්ථාව නොලැබෙන අපූරු සිනමාපට හයක් රසවිඳීමට මෙමගින් ප්‍රේක්ෂකයින්ට අවස්ථාව උදා වනවා. පසුගිය වසර 04ක කාලය ඇතුලත Locarno, Busan, Berlin, Venice වැනි අන්තර්ජාතික සිනමා උළෙල වලදී ප්‍රදර්ශනය වුනු සහ සම්මානයට පාත්‍ර වුනු සිනමාපට හයක් මෙවර සිනමා උළෙලේදී ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා තිබෙනවා. මාර්තු 23 වැනි සිකුරාදා සවස 5.30ට තරංගනී සිනමා ශාලාවේදී සිනමා උළෙලේ සමාරම්භක චිත්‍රපටය ප්‍රදර්ශනය වනවා. ඉන් අනතුරුව 24 සහ 25 දෙදින සිනමාපට තුන බැගින් ප්‍රදර්ශනය කෙරෙනවා. ශ්‍රී ලාංකික සිනමා ලෝලීන්ට අඩුවෙන්ම රසවිඳීමට අවස්ථාව ලැබෙන දකුණු ආසියාතික සිනමා අත්දැකීම විඳගැනීමට එළඹෙන සති අන්තයේ තරංගනී සිනමා ශාලාවට පැමිණෙන ලෙස සංවිධායකයින් ආරාධනා කර සිටිනවා.

 

Share

35 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.