බ්‍රසීල සිනමා උළෙල කොළඹදී

Avatar Nisanka Weheraduwa | October 6, 2017 46 Views 0 Likes 0 Ratings

46 Views 0 Ratings Rate it

ශ්‍රී ලංකාවේ බ්‍රසීල තානාපති කාර්යාලය ජාතික චිත්‍රපට සංස්ථාව හා එක්ව සංවිධාන කරන බ්‍රසීල සිනමා උළෙල 2017 කොළඹදී ආරම්භ කෙරුනා. ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී ඔක්තෝබර් 05, 06, සහ 07 යන දින තුනේදී මේ සිනමා උළෙල පැවැත්වෙනවා. 05 වැනිදා සමාරම්භක දිනයේදී එක සිනමාපටයක්, 06 වැනිදා සවස 3.00ට සහ 6.00ට සිනමාපට දෙකකුත්, 07 වැනිදා එක සිනමාපටයකුත් ප්‍රදර්ශනය වනවා. බ්‍රසීල තානාපති කාර්යාලය මෙලෙස  ශ්‍රී ලංකාවේදී සිනමා උළෙලක් සංවිධාන කලේ ප්‍රථම වරට බවත් එරට සිනමාව රසවිඳීමට ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින්ට අවස්ථාව ලබාදීමට හැකිවීම පිළිබඳව තමා සතුටට පත්වන බවත් බ්‍රසීල තානාපතිවරිය සමාරම්භක අවස්ථාව අමතමින් ප්‍රකාශ කළා. සිනමා උළෙල නැරඹීමට විශාල ප්‍රේක්ෂක සහභාගිත්වයක් දක්නට තිබුණා.

Share

46 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.