මෙවර CSR මාසික සිනමා හමුව අසන්ධිමිත්තා සමග

Avatar Nisanka Weheraduwa | July 25, 2019 120 Views 0 Likes 0 Ratings

120 Views 0 Ratings Rate it

මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේ මාධ්‍ය අංශය සංවිධාන කරන මාසික සිනමා හමුවේ ජූලි  කලාපය පැවැත්වීමට සියල්ල සූදානම් කොට තිබෙනවා. ජූලි මස 27 වැනිදා සෙනසුරාදා මෙය පැවැත්වෙනවා. මෙවර ඔවුන් තෝරාගෙන තිබෙන්නේ මෑත කාලයේ කතාබහට ලක්වුණු අසෝක හඳගම නිර්මාණය කළ  අසන්ධිමිත්තා චිත්‍රපටයයි.

අලුතින් හිතන්න, වෙනස් මත, එකම වේදිකාවක තේමාවෙන් මේ වැඩසටහන සංවිධාන වනවා. මෙවර ඔවුන් තෝරාගත් විශේෂිත තේමාව “රාත්තල් ගණනක කතාවක් ගැන ටොන් ගණනක සංවාදයක් කරමු” ලෙස නම්කොට තිබෙනවා. 27 වැනි සෙනසුරාදා දහවල් 1ට චිත්‍රපට දර්ශනය පැවැත්වීමෙන් අනතුරුව සිනමා සංවාදය ආරම්භ වීමට නියමිතයි.

තුසිත ජයසුන්දර, අසංක සායක්කාර, දිල්ෂානි චතුරිකා දාබරේ සහ සාලිය ඉඳුරුවිතාන මේ වැඩසටහනට සම්පත් දායකයින් ලෙස මෙවර එකතු වනවා. නුවන් ජූඩ් ලියනගේ මෙවරත් සංවාදය මෙහෙයවනු ඇති. මේ වැඩසටහන සමග එක්වන ලෙස සිනමාවට ලැදි ඔබට ඇරියුම් කරනවා.

Share

120 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.