යුරෝපීය සිනමා උළෙලක් කොළඹදී

Avatar Nisanka Weheraduwa | September 28, 2017 72 Views 0 Likes 0 Ratings

72 Views 0 Ratings Rate it

යුරෝපීය සිනමා අත්දැකීම් ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයින් හමුවට ගෙනඒමේ අරමුණින් දහවැනි වරටත් සංවිධාන කෙරෙන යුරෝපීය සිනමා උළෙල 2017 මෙවරත් කොළඹදී පැවැත්වෙනවා. ඔක්තොබර් මස 13 වැනිදා සිට 17 වැනිදා දක්වා ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී මෙම සිනමා උළෙල පැවැත්වීමට කටයුතු සංවිධාන කොට තිබෙනවා. තානාපති කාර්යාල, යුරෝපීය සංස්කෘතික ආයතන ආදී ආයතන රැසක සහයෝගයෙන් මෙම සිනමා උළෙල සංවිධාන කෙරෙනවා. මෙවරත් Agenda 14 සිනමා උළෙලේ සියලු සම්බන්ධිකරණ කටයුතු සිදු කරනවා.

දින පහක් පුරා යුරෝපීය සිනමාපට රසවිඳීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව සලසන මෙම සිනමා උළෙල අඛණ්ඩව 10 වැනි වරටයි මෙවර පවත්වන්නේ. සිනමා උළෙලේ තිරගත කෙරෙන චිත්‍රපට පිළිබඳව වැඩිදුර තොරතුරු ඉදිරියේදී සිනමාලෝලීන් වෙත ගෙන ඒමට cinema.lk අපි, සුදානම්.

Share

72 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.