රිදී තිරයේ කේමදාස සලකුණ

Avatar Nisanka Weheraduwa | October 12, 2017 57 Views 0 Likes 0 Ratings

57 Views 0 Ratings Rate it

ආචාර්ය ප්‍රේමසිරි කේමදාස සංගීතවේදියා ශ්‍රි ලාංකීය සිනමා සංගීත ඉතිහාසය නව මානයකට රැගෙන ගිය විශිෂ්ට සංගීතවේදියෙක්. ඔහු මෙරට සිනමාවට නොමැකෙන සිනමා ගීතාවලියක් තිලිණ කළා. ආචාර්ය කේමදාසයන්ගේ සංගීත දිවිය සැමරීම උදෙසා චිත්‍රපට උලෙලක් සංවිධාන කොට තිබෙනවා. ඔක්තෝබර් 20 සිට 24 දක්වා ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී මේ සිනමා උළෙල පැවැත්වෙනවා.

සිනමාවිල කැළඹූ ගාන්ධර්වයාණෝ (Master in the Silver Screen) නමින් සිනමා උලෙල නම්කොට තිබෙනවා. සතියේ දිනවල පස්වරු 6.30ටත් සති අන්තයේ සවස 2.30 සිටත් සිනමා උළෙල ආරම්භ වනු ඇති. ගොළු හදවත, වාසනා, නිධානය, ලොකුම හිනාව, සිරිමැදුර, බඹරු ඇවිත්, හංස විලක්, අතීතයේ අතිශය ජනාදරයට පත්වූ මේ සිනමාපට හත උලෙලේදී තිරගත කෙරෙනවා. දේශීය සිනමාවේ සංගීතමය සලකුන ආචාර්ය කේමදායන් වෙනුවෙන් පැවැත්වෙන සිනමා උළෙල නොමිලේ නැරඹීමට සියලු සිනමා රසිකයින්ට අවස්ථාව හිමිවනවා.

Share

57 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.