රූපාන්රණ ඕස්ට්‍රේලීයාවේ දී රූ ගැන් වේ.

Avatar Cinema.lk A | September 14, 2012 65 Views 0 Likes 0 Ratings

65 Views 0 Ratings Rate it

ප්‍රකට නාට්‍යවේදී බන්දුල විතානගේගේ පුත්‍රයා වන නාලක විතානගේගේ දෙවන සිනමා පටය තව නොබෝ දිනකින් රූපගත කිරීමට නියමිතව ඇත. ‘රූපාන්තරණ’ නම් වූ එය පර්යේෂණාත්මක චිත්‍රපටයකි.

මෙම චිත්‍රපටයේ රූ ගැන්වීම් යොදාගෙන තිබෙනුයේ ඕස්ට්‍රේලියාවේදී බැවින් රවීන්ද්‍ර රන්දෙණිය, රන්ජන් රාමනායක, ජීවන් කුමාරණතුංග, තිස්ස විජේසුරේන්ද්‍ර‍්‍ර, ඇන්ජලා සෙනෙවිරත්න, මහේන්ද්‍ර පෙරේරා සහ වීණා ජයකොඩි යන රංගන ශිල්පීන් රැසක් ඕස්ට්‍රේලියාව බලා යාමට නියමිතව ඇත.

මෙම සිනමා සිතුවම සමඟින් නව පරපුරේ කිහිප දෙනකුව රිදී තිරයට කැඳවා ඒමට නාලක බලාපොරොත්තුවේ.පී. බාලසූරිය කැමරා අධ්‍යක්ෂවරයාය. නිවුටන් ගුණසේකර සහය අධ්‍යක්ෂණයෙන් එක් වෙයි. නිමල් රාජපක්ෂ අංග රචනා ශිල්පියා වේ. කලා අධ්‍යක්ෂණයෙන් රෝහණ හේවාවිතාරණ, සංස්කරණයෙන් ඒෂාන් මොටාගෙදර, සංගීත නිමැවුමෙන් මලික් පෙරේරා ද ‘රූපාන්තරණ’ හැඩ කිරීමට දායකත්වය සපයති

රූපාන්තරණ වෛද්‍ය අරෝෂ ප්‍රනාන්දුගේ නිෂ්පාදනයකි.

Share

65 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.