සිනමා රංගනයේ ප්‍රතිරාමුකරණය ගැන සෞම්‍ය සමග කතාබහක්
Ceylon society of cinema සංවිධානය මාසික සිනමා දැක්මක් සමග විවිධ මාතෘකා පිලිබඳ සිනමා සංවාදයක් පැවැත්වීම සිදුකරනවා. මේ වැඩසටහන ජූලි මාසය වෙනුවෙනුත් පැවැත්වීමට සියල්ල සූදානම්.
මෙවර මාතෘකාව ලෙස ඔවුන් තෝරා ගත්තේ “සිනමා රංගනයේ ප්‍රතිරාමුකරණය”. මේ මාතෘකාවට ප්‍රවේශයක් ලෙසින් සිනමාපටයක් ප්‍රදර්ශනය කිරීමත් සිදුවනවා. Loving Pablo සිනමාපටය මේ වැඩසටහනේදී තිරගත කෙරෙනවා වගේම, ප්‍රවීණ සම්මානනීය රංගවේදී සෞම්‍ය ලියනගේ මේ ගැන සංවාදයට එකතු වනවා.
සමීර තිලකවර්ධන වැඩසටහන මෙහෙයවනු ඇති. සම්පුර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන මේ වැඩසටහන ජාතික චිත්‍රපට සංස්ථා ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතයි. ආසන ප්‍රමාණය සීමිත නිසා කලින් ඔබේ පැමිණීම දැනුම් දෙන ලෙස සංවිධායකයින් ඉල්ලීමක් කරනවා. 0703226191, 0778884862, 0773444429 යන දුරකථන අංක වලින් ඔබේ පැමිණීම දැනුම්දීමට හැකියි.

Written by Nisanka Weheraduwa
