සිරියානු ඛේදවාචකය සිනමාත්මක ඇසින් – In Syria සිනමා දර්ශනයක්

Avatar Nisanka Weheraduwa | May 12, 2018 32 Views 0 Likes 0 Ratings

32 Views 0 Ratings Rate it

“ජාතික පුස්තකාලයේ සුමිතුරෝ” එකමුතුව මගින් සිනමා දර්ශනයක් මාසිකව පැවැත්වීම පසුගියදා ආරම්භ කොට තිබුනා. මාසිකව තෝරාගත් සිනමාපටයක් ප්‍රදර්ශනය කිරීම මෙහිදී සිදු කෙරෙනවා. එහි මැයි මාසය සඳහා වන පියවර මැයි 22 වැනිදා සවස 4.00ට ජාතික පුස්තකාල ශාරවනාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. එදිනට In Syria නම් වූ සම්මානනීය චිත්‍රපටය තිරගත කිරීමට නියමිතයි.

32187839_1711367215615155_6335656775458488320_n

2017 වසරේ නිර්මාණය වන මේ චිත්‍රපටය සිරියානු ඛේදවාචකය පසුබිම් කරගනිමින් නිර්මාණය වූ චිත්‍රපටයක්. බෙල්ජියම් චිත්‍රපටයක් වන මෙය ආරාබි භාෂාවෙන් නිර්මාණය කොට තිබෙනවා. 67 වැනි බර්ලින් අන්තර්ජාතික සිනමා උළෙලේ Panorama Section යටතේ මෙම චිත්‍රපටය තිරගත කෙරුනා. එහිදී Panorama audience award සම්මානය සඳහා හිමිකම් කීමට මේ සිනමාපටයට හැකි වුනා. 8 වැනි Magritte awards සම්මාන උළෙලේදී සම්මාන හයක් සඳහා නිර්දේශ වුනු මෙම චිත්‍රපටය එම සම්මාන හයම දිනා ගැනීමට සමත් වුනා. හොඳම අධ්‍යක්ෂණය, හොඳම චිත්‍රපට තිරරචනය, හොඳම කැමරාකරණය, හොඳම ස්වතන්ත්‍ර ගීතය, හොඳම ශබ්ද පරිපාලනය යන සම්මාන ඒ යටතේ හිමිව ටිබෙනවා. Philippe Van Leeuw චිත්‍රපටයේ තිර රචකයා සහ අධ්‍යක්ෂවරයා වනවා. HIam Abbaas, Diamond Bou Abbound, Juliette Navis, Mohsen Abbaas මෙහි රංගනයෙන් දායක වනවා. විනාඩි 85ක ධාවන කාලයකින් යුත් චිත්‍රපටය අතිශය සංවේදී මානුෂිය සිතුවිලි සහ යුධමය වටපිටාවක ත්‍රාසය භීතිය සහ මරණ භයින් යුතුව ගෙවන ජිවන අත්දැකීමක් ප්‍රේක්ෂකයා වෙත ගෙන එනවා.

 

Share

32 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.