කොමන් මෑන්ට හොලිවුඩයෙන් සම්මාන

Avatar Cinema.lk A | April 10, 2013 53 Views 0 Likes 0 Ratings

53 Views 0 Ratings Rate it

පහුගිය කාලේ ලංකාවේ ඉන්න ප්‍රකට චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක් හොලිවුඩ් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළා.මෙරට සිනමා තුළ මෙන්ම බටහිර සිනමාව තුළද අත්දැකීම් රාශීයක් ලබා ඇති ඉතා දක්ෂ නිර්මාණකරුවෙක් වන මොහු මුළු රටම හඳුනන ප්‍රසිද්ධ චරිතයක්.ඒ වෙනින් කවුරුවත් නෙවෙයි චන්ද්‍රන් රත්නම්.

චන්ද්‍රන් රත්නම් නිර්මාණය කරපු මේ හොලිවුඩ් නිර්මාණය තිරගත කිරීමටත් මත්තෙන් සාර්ථක ප්‍රතිථල නෙලා ගෙන තියෙනවා.විදෙස් සම්මාන උළෙලවල් රැසකදීම හොඳම චිත්‍රපටය සඳහා නිර්දේශ වු මේ චිත්‍රපටය නිව්යොර්ක් චිත්‍රපට උළෙලේ දී වාණිජ ධාරාවේ චිත්‍රපට අතුරින් ලෝකඩ සම්මානය දිනා තිබෙනවා.විදේශීය ටෙලි නිර්මාණ හා චිත්‍රපට අගයමින් දියත් කෙරුණු මේ සම්මාන උළෙල ඇමෙරිකාව තුළ පැවැත්වෙන සම්මාන උළෙලවල් අතුරින් පෙරමුණේ පසුවන සම්මාන උළෙලකි.

ත්‍රස්වාදී කල්ලියක් විනාස කිරීමට ඉතා සුක්ෂම මෙහෙයුමක් දියත් කරන සාමාන්‍ය පුද්ලයෙක් වටා දිව යන මේ සිනමා සිතුවම නම් කරලා තියෙන්නේ කොමන් මෑන් යනුවෙනි.හොලිවුඩයේ ප්‍රබල රංගන ශිල්පීන් රැසකගේ දායකත්වයෙන් තැණුනු මේ නිර්මාණය සම්පුර්ණයෙන්ම පාහේ තිරගත කර ඇත්තේ ශ්‍රී ලංකාවේදියි.

Related articles

හොඳම චිත්‍රපටයන් අතරට COMMON MAN
Common Man – කොමන් මෑන් [Trailer] – ලංකාවේ රූගත කළ හොලිවුඩ් චිත්‍රපටය
The making of ‘A Common Man’
Share

53 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.