හොඳම චිත්‍රපටයන් අතරට COMMON MAN
මෙරටින් හොලිවුඩය සඳහා තැණුනු පළමු චිත්‍රපටිය ගැන අලුත් ආරංචියක් කියන්නයි මේ සුදානම් වෙන්නේ.කොමන් මෑන් නම් වු මේ සිනමා සිතුවම මේ දිනවල හොලිවුඩයේ තිරගත කීරිම සඳහා සියලු කටයුතු සුදානම් කරමිනුයි පසුවන්නේ.මේ චිත්‍රපටය තිරගත වීමට මත්තෙන් එහි සාර්ථකත්වය ගැන සුභ පෙරනිමිති දැන් සිටම පහල වෙන්න පටන් අරන්.
ඒ ලාංකේය ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන චන්ද්‍රම් රත්නම් අතින් තැණුනු මේ සිනමා පටය හොලිවුඩයේ සම්මාන උළෙලක් සඳහා නිර්දේශ වී තිබිමයි.මේ චිත්‍රපටය මෙලෙස නිර්දේශ වෙලා තියෙන්නේ මැඩ්රීඩ් සිනමා උළෙල දීයි.මැඩිරීඩ් සිනමා සන්සදයේ නිළ වෙබ් අඩවිය විසින් පළ කළ නිර්දේශිත නාමයන් අතර කාණ්ඩයන් කිහිපයකම මේ චිත්‍රපටයේ නම සඳහන් වෙනවා.මෙලෙස නිර්දේශ වී ඇත්තේ හොඳම චිත්‍රපටය,හොඳම අධ්‍යක්ෂණය,හොඳම නළුවා සහ හොඳම සහාය නළුවා කාණ්ඩයන් සඳහායි.ස්පාඤ්ඤයයේ මැඩ්රීඩ් නුවර කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන මේ සිනමා උළෙල ජුනි – ජුලි මාසයන් හි පැවැත්වීමට නියමිතයි
බෙන් කින්ස්ලි ඇතුළුව හොලිවුඩ් නළුවන් කිහිපපෙලකගේම සහභාගිත්වයෙන් තැණුනු මේ චිත්‍රපටයේ තිර රචනය චන්ද‍්‍රම් රත්නම් සහ නීරාජ් පාන්ඩේගෙනි. නිෂ්පාදනය බී.එස් රාධා කි‍්‍රෂ්ණා /
පෝල් මේසන්/මනෝහාන් නානායක්කාර / ජොනතන් ෂෙයින්බර්ග් සහ චන්ද්‍රම් රත්නම්. කැමරා අධ්‍යක්‍ෂණය චන්දන ජයසිංහ. සංගීතය ඇන්ට් කෝච් . මෙහි රංගනයෙන් දායක වන්නේ බෙන් කින්ස්ලි ,බෙන් ක්‍රොස්ල ෆෙඞ්රික් ජේම්ස් සමග නුමායා සිරිවර්ධන, දුෂ්මන් වීරමන් ,අශාන් ඩයස් ,වින්සන් ගුණරත්න සහ සැන්ඩෝ හැරිස් ඇතුළු මෙරට රංගන ශිල්පීන්ය.
නිෂ්පාදක කණ්ඩායම:
නිෂ්පාදනය – පෝල් මේසන්
නිෂ්පාදන සැලසුම්කරණය සහ කලා අධ්‍යක්ෂණය – සුනිල් විජේසිරි
සහය අධ්‍යක්ෂණය – ඩී.බී. වර්ණසිරි
රේඛීය නිෂ්පාදනය – ක්‍රිෂාන්ත ගුණසේකර
කැමරාව – චන්දන ජයසිංහ
නිෂ්පාදන කළමනාකරු – චන්දිමාල් කොඩිතුවක්කු
අංග රචනය – නාරද ධනංජි තොටගමුව
සංස්කරණය, තිර පිටපත සහ අධ්‍යක්ෂණය – චන්ද්‍රන් රත්නම්
Written by Cinema.lk A
