මොනවා කරත් අමීර්ට ඒක බෑ

Avatar Cinema.lk A | January 1, 2013 99 Views 0 Likes 0 Ratings

99 Views 0 Ratings Rate it

අමීර් කාන් කියන්නේ බොලිවුඩයේ ඉන්න සුපිරි වීරයන්ගෙන් එක්කෙනෙක්.අමීර් කාන් ප්‍රමුඛ මේ අසමසම සුපිරි වීරයන්ට ප්‍රේක්ෂකයන් අසීමිතව ආදරය කරන්නේ රුපකායෙන් ඔවුන් පරිපුර්ණ නිසාවෙන්ම නොවේ.සැබෑ ලෝකයේ අපට කළ නොහැකි දෑ බොහෝමයක් මේ වීරයන් රීදි තිරයේ මවන නිසාවෙනි.අමීර් කාන් ද මෙසේ සිනමා සිතුවම් වල විශ්ම කර්ම දැ කළමුත් සැබැ ජිවිතයේදී ඇතැම් දැ කිරීමට දක්වන්නේ පුදුමාකාර බියකි.

මෙසේ ඔහු චකිතයෙන් පසුවන කරුණ නම් පිහිනීමයි.ඔහු මේ කරුණ සම්බන්ධයෙන් චකිතයකින් පසුවන්නේ ඔහු පිහිනීම නොදත් නිසාවෙනි.අමීර් ඛාන් හට  පිහිනීමේ හැකියාව නොතිබූ බව හෙළි වී ඇත්තේ අලුත්ම හින්දි චිත්‍රපටයක් වූ ‘තලාෂ් – දි ඇන්සර් ලයිස් විදිත්’ තිරගත වීමත් සමඟිනි.කෙසේ නමුත් එම චිත්‍රපටයේ අඩංගු වන දිය යට දර්ශනයන්හී රඟපෑම සඳහා අමීර් ඛාන් තෙමසක් තිස්සේ විශේෂඥ පිහිනුම් පුහුණුකරුවකු යටතේ පුහුණුව ලැබු බව බොලිවුඩ් ආරංචි මාර්ග සඳහන් කරනවා.මේ දර්ශන රූ ගන්වා තිබෙන්නේ එංගලන්තයේ ලන්ඩන් නුවර චිත්‍රාගාරයක කෘත්‍රිම ජලාශයක් ඇතුළත දීය.

Share

99 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.