මම ඒ ගොනාත් වික්කා

Avatar Cinema.lk A | December 9, 2013 95 Views 0 Likes 0 Ratings

95 Views 0 Ratings Rate it

අර්ජුන් කමලනාත් කියන්නේ සිනමාව පිළිබඳ හොඳ අත්දැකීමක් තියෙන දක්ෂ තරුණ රංඟන ශිල්පියෙක්.ඒ වගේම අර්ජුන දක්ෂ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්.මේ දිනවල සාර්ථක අයුරින් තිරගත වෙන රජ හොරු සිනමා පටයේ ඔහු කරන රංඟනයෙන් නිසාවෙන් අර්ජුනට මේ දවස්වල තියෙන්නේ ඉහළ ප්‍රතිචාර.අරජුන නිතරම පාහේ සිනමා ක්ෂේත්‍රයේ සිදුවන අසාධාරණකම් වලදී නොබියව ඉදිරියට ඇවිත් ඒ ගැන කතා කරන්න පැකිලෙන්නේ නෑ.පහුගිය දවස්වල මේ ක්ෂේත්‍රයේ ඇති වු පිටපත් 35 හා 55 ගැටුමේදී අරජුන තදින්ම කියා සිටියේ 35 සීමාවේ මෙරටට උචිත බවයි.මේ ප්‍රශ්නේදී තමන්ගේම කර්මාන්තයේ කිහිපදෙනෙකුට තමන් අතින් සිදුවු අපහසුතා ගැන අරජුන ඉතා නිරහංකාර විදියට සමාව ඇයැද සිටියා.

“මා ඇතුළු සිනමාවේ 95% ක් දෙනා හිටියේ පිටපත් 35 සීමාවේ පැත්තේ. ඒ කියන්නේ චිත්‍රපට සංස්ථාව පැත්තේ. මේ ප්‍රශ්නෙදි විවිධ ප්‍රකාශ නිකුත් කිරීමේදී සෝමරත්න දිසානායකයන්ට සහ රේණුකා බාලසූරිය මහත්මියට මගේ ප්‍රකාශ නිසා හිත රිදුණා කියලා මම දන්නවා. ඒකට මේ අවස්ථාවේ මම පෞද්ගලිකව සමාව ඉල්ලනවා. ඒ මොකද චිත්‍රපට සංස්ථාවේ අදාළ බලධාරී රෑට රෑට භෝජන සංග්‍රහ පවත්වලා දෙපැත්ත ෂේප් කර ගත්තා. ඒ නිසා අපිව ගොනාට අන්දපු කාලේ ගියා. මම ඒ ගොනාත් වික්කා ගොන් බැන්ද කණුවත් වික්කා“

 

photo credit – mirror arts

Share

95 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.