BA Pass නිළිය සික්ෂා ජෝෂී සියදිවිහානි කරගනී.

Avatar Cinema.lk A | May 18, 2015 165 Views 0 Likes 0 Ratings

165 Views 0 Ratings Rate it

බොලිවුඩ් නිළියක්,නිරුපිකාවක් ලෙස ප්‍රසිද්ධියට පත් වයස අවුරුදු 40ක් වු ඉන්දියානු නිළි Shikha Joshi පසුගිය සෙනසුරාදා සවස් යාමේ සියදිය හානි කරගෙන තිබෙනවා.ඉමහත් ප්‍රසිද්ධියට පත් ආන්දෝලනාත්මක චිත්‍රපටයක් වු බී.ඒ පාස් සිනමාපටයේ Shilpa Shukla සමඟ ප්‍රධාන භුමිකාවක් නිරුපණය කරපු ඇය ක්ෂේත්‍රය තුළ සිටි දක්ෂ රංඟන ශිල්පිණියක්.ආන්දේරී ප්‍රදේශයේ නිවසක් තුළ මිතුරියක් සමඟ වාසය කරපු Shikha Joshi තම ගෙල තියුණු ආයුධයකින් කපාගෙනයි සියදිවි හානි කරන් ඇත්තේ.පොලිස් වාර්තා වලට අනුව ඇය එදින සවස 6.30 පමණ වන විට තම නිවසේ නාන කාමරය තුළට වැදී මේ අනතුර සිදුකරගෙන තියෙනවා.ඇගේ මිතුරිය ඇය මෙසේ තුවාල වී සිටිනු දුටු විගස ඇයව රෝහල් ගත කර ඇත.මෙසේ රෝහලට ගෙනියන අවස්ථාවේ ඇය තම මිතුරියට පවසා ඇත්තේ පහුගිය කාලය පුරාවට ඇයට රඟපෑමට කුමක්වත් නොලැබුණු නිසාවෙන් ඇය මහත් කම්පාවට පත්ව මෙසේ සිදුකරගත් බවයි.

වැඩිදුරටත් පරික්ෂණ පැවැත්වු පොලීසිය සහ රෝහල් ආරංචි මාර්ග පවසන්නේ මෙම සිද්ධිය සියදිවිහානි කර ගැනීමක් හා ඇය දීර්ඝ කාලයක් තිස්සේ මානසික පසුබෑමකට ලක්ව සිටි ඇති බවයි.

18-1431927933-shikha-joshi b-a-pass-1-a b-a-pass-19-e b-a-pass-18-m b-a-pass-2-v b-a-pass-17-h

Share

165 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.