හොලිවුඩයේ දී නිරුවත් වුනු ප්‍රියංකා චොප්රා

Avatar Cinema.lk A | May 14, 2015 86 Views 0 Likes 0 Ratings

86 Views 0 Ratings Rate it

ඉන්දියාව කියන්නේ සාමාන්‍යයෙන් ලොකු රටක්.රට ලොකු වගේම එහි බිලියන 1.2 ජනගහනයක් ඉන්නවා.මෙකෙන් බිලියනයක්ම වාගේ චිත්‍රපටි පිස්සන්.ඉතින් ඉන්දියාව කියන්නේ හොඳ ෆිල්ම් මාකට් එකක් තියන රටක්.ඔන්න ඕක දන්න හින්දමයි…හොලිවුඩ් ඇත්තෝ ඉන්දියාව ටාගට් කරලා වැඩ කරන්නේ.ඉතිහාසය පුරාවට විවිධ උපක්‍රම දාපු හොලිවුඩ් ශිල්පීන් දැන් දැන් ඉන්දියානු නළු නිළියන්ට එහේ කතාවල ප්‍රධාන භූමිකා පවා දෙන්න මැලි වෙන්නේ නැ.

අනිල් කපුර්ලා,අමිතාබ්ලා,ඉර්ෆාන් ලා,ඓෂ්ලට පස්සේ හොලිවුඩ් ලොකුම හිට් එක වෙන්න යන්නේ ප්‍රියංකයි.ඇය ප්‍රධාන භුමිකා රඟපෑ ටීවී සීරිස් එකක පුර්ව ප්‍රචාරක පටය මේ වන විට අන්තර්ජාලයට මුදා හැරලා තියෙනවා.මෙය නමින් “ක්වොන්ටිකෝ“.F.B.I නිළධාරිනියකගේ භූමිකාවට පණ පොවන ඇය මේ කතා මාලාවේ සැබැවින්ම බටහිර යුවතියකසේ රඟපා තියෙනවා.ඇය ඉන්දියාවේ දී දහයට ගනින් බැරි පාටට හිටියට මොකද මේ කතාවේ නම් සමහර වැඩිහිටියන්ට සුදුසු දර්ශන වල පවා දායක වෙලා තියෙනවා.A.B.C නාලිකාවේ විකාශනය වීමට තියෙන මෙම කතාව ප්‍රියංකාගේ ජීවිතයේ ලොකු කඩඉමක් වනු ඇති.

Untitled-11-800x400 quantico5may13

Share

86 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.