කොහොමද කෙල්ලන්ගේ වැඩ

Avatar Cinema.lk A | January 3, 2013 136 Views 0 Likes 0 Ratings

136 Views 0 Ratings Rate it

2012 වසර පුරාවටම බොලිවුඩ් පුරයෙන් වැඩිපුරම කතා බහට ලක් වු චරිතයන් අතර  දකින්න ලැබුණේ පිරිමි පාර්ශවයේ උදවියයි. අමීර්, ෂාරුක්, සල්මන්, රන්බීර් තරුවල කාන්තියෙන් බොලිවුඩ් වීරවරියන් වැසී ගියේ එතරම් විශේෂ මතකයක් ඉතිරි නොකරමිනි.ඒත් උදා වු නව වසරේ බොලිවුඩ් රූමතියන්ට ඉතා හොඳ වසරක් වන්නේ පෙර වසරට වඩා මේ වසරේ දී ඔවුන් පිළිබඳ කතා බහ කරන්නට ඇති ඉඩ ප්‍රස්ථාවන් බොහෝමයක් ඇති නිසාවෙනි. බොලිවුඩයේ ජය පිට ජය නංවමින් සිටින නිළි නාම ලේඛනයේ සියලු දෙනාම පෙරට ඇවිත් සිටින්නේ සුපිරි සිනමාපට ලැයිස්තුවක් සමඟයි. 2013 නිළි රාජිණියන් රජයන වසරක් වීමට වැඩි ඉඩකඩක් ඇත්තේ ඒ නිසයි.

දීපිකා පදුකෝන් රඟන ‘රේස් 2’, ‘යේ ජවානි හෛ දීවානි’, ‘කොච්චාඩියන් සහ චෙනායි එක්ස්ප්‍රස්’ මේ වසරේදී තිරගතවීමට නියමිතය. ‘ගුන්ඩේ’, ක්‍රිෂ් 3’, ‘මේරි කොම්’ සහ ‘සන්ජීර්’ ප්‍රියංකා චොප්රා රඟන සිනමාපටයි. බොලිවුඩයේ බාබි ගර්ල් කත්‍රිනා කායිෆ්ගේ ද එක් සිනමා පටයක් මේ වසරේ තිරගත වීමට නියමිතයි.ඒ “ඩූම් 3“..

සෝනම් කපුර් මෙවර කල එළි බසින්නේ චිත්‍රපට ත්‍රිත්වයක් ද අතැතිවය. ඒ ‘භාග් මිඛා භාග්’, ‘රාජ්නා’ සහ ‘කූබ්සූරත්’ය. ‘කූබ්සූරත්’ 1980 දී රේඛා රැගූ සිනමාපටයේ ප්‍රතිනිර්මාණයකි. සෝනම් මෙහි රඟපෑමට පෙර රේඛාගෙන් උපදෙස් ලබාගෙන ද තිබේ.

Share

136 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.