අමීර්ගේ පී.කේ ඉදිරියේ සෙසු නළුවෝ පල්ලම් බසී

Avatar Cinema.lk A | September 10, 2014 83 Views 0 Likes 0 Ratings

83 Views 0 Ratings Rate it

අමීර් කාන්,රාජ් කුමාර් හිරානි සුසංයෝගය මින් පෙර බොලිවුඩය කළඹවන ලද්දේ ත්‍රී ඉඩියටස්  සිනමාපටය ඔස්සේයි.මිස්ටර් පර්ෆෙක්ට් ලෙස හඳුන්වන අමීර්,ඩුම් 3 සිනමාපටයෙන් නැවතත් සුපර් හිට් එකක් වුනාට ඇඟට දැනෙන වෙනසක් අමීර්ගෙනුත් සිය රසිකයන්ට සිදුවුනේ නැ.ඔන්න දැන්න නැවතත් රාජ් කුමාර් හා අමීර් සුසංයෝගය නිසා බොලිවුඩය කැළඹිලා.පී.කේ…මේ සිනමාපටය තමයි මොවුන් දෙදෙනාගේ නවතම සිනමාපටය.මේ වෙන කොට පුර්ව ප්‍රචාරක දැන්වීමක් පමණක් එළිදක්වා ඇති මෙහි කිසිදු වැඩි විස්තරයක් කිසිවෙකුත් දන්නේ නැ.ඒ වුනත් මෙය ප්‍රචාරණ කාර්යේදී තැබු පළමු පියවරෙන්ම ඉතා දැවැන්ත ප්‍රසිද්ධියක් පී.කේ ට ලබාගන්න හැකිවෙලා තියෙනවා.

අමීර්ගේ මේ දැවැන්ත සිනමාපටය නිසා ඔහුට ආදරය කරන අතිමහත් වු ප්‍රේක්ෂක ජනයා මේ වන විට මහත් උද්දාමයට  පත්වෙලයි ඉන්නේ.නමුත් රසිකයන් එසේ සතුටු වුනත් බොලිවුඩ් වල ඉන්න අනෙක් ප්‍රබල නළු නිළියන් බිය වී ඇති පාටයි.ඒ මොකද කියනවා නම් බොහෝ නළුවන් හා චිත්‍රපට සමාගම් තමන්ගේ චිත්‍රපට වල දිනයන් මේ වන විට වෙනස් කරගෙන පවා තියෙනවා.පී.කේ සිනමාපටය තිරගත වෙන්න මේ වසරේ දෙසැම්බර් 19 වනදා නිසා අභිෂේක් භච්චන් හා අසින් රඟන “ඕල් ඉස් වෙල් “ සිනමාපටය දෙසැම්බර් 5වනදාට නැවතත් පෙළගස්වා තියෙනවා.ඒ විතරක් නෙවෙයි ඉම්රාම් හෂ්මි රඟන “උන්ග්ලි“ අජේ දේව්ගන් ගේ “ඇක්සන් ජැක්සන්“ සයිෆ් අලිකාන්ගේ “හැපි එන්ඩින්ග්“ මේ විදියට සති දෙකකින් ඉදිරියට ගෙනවුත් තිරගත කිරීමට පෙළගස්වා තියෙනවා.තවද තවත් නිර්මාණ 2015 වර්ෂයට පවා කල් දමා තියෙන්නේ අමීර්ගේ පී.කේ ඉදිරියේ ඹවුන් අන්ත අසරණ වන බව සහසුද්දෙන්ම දන්නා නිසාවෙන්මයි

pk-2014-movie-official-poster

Share

83 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.