ලංකාවේ ජනාධිපතිතුමන් වෙනුවෙන් බොම්බේ වෙල්වට් චිත්‍රපටයේ විශේෂ දර්ශන වාරයක්

Avatar Cinema.lk A | June 13, 2014 44 Views 0 Likes 0 Ratings

44 Views 0 Ratings Rate it

අනුරාග් කාශ්‍යප් නම් සම්මානීය ඉන්දියානු අධ්‍යක්ෂකවරයාගේ අවුරුදු නවයක සිනමා සිහිනය වු “බොම්බේ වෙල්වට්“ සිනමාපටය සදහා තෝරා ගැණුනේ මෙරට පසුතලයි.1950 වර්ෂයේ දර්ශන තල කොළඹ ප්‍රදේශයේ හා රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානයේ ඉදිකරමින් ඇරඹී මෙම සිනමාපටයේ ප්‍රධාන නළු නිළි දෙපළ වුයේ අනුෂ්කා හා රන්බීරුයි.ඉන්දියාවේ දර්ශන තල නිමකිරීමට දැවැන්ත මුදලක් වැය වීමත්,මෙරට මිනිසුන්ගේ සුහදශීලි ආගන්තුක සත්කාරයත් නිසාවෙන් තමයි අනුරාග් තමන්ගේ චිත්‍රපටය මෙරටට ගෙන එන්නට තීරණ කරලා තියෙන්නේ.

පුරා මාස තුනකටත් අධික කාලයක් රූ ගත කෙරුණු මේ සිනමාපටයේ වැඩ දැන් අවහර වෙලයි තියෙන්නේ.දැන් ඉතින් පසු නිෂ්පාදන කටයුතුත් එහෙම නිම කරලා චිත්‍රපටය ප්‍රදර්ශනය සඳහා සුදානම් කරලා තියෙනවා.තවමත් කිසිඳු දර්ශන වාරයක්වත් නොපෙන්වා ඇති මෙම සිනමාපටයේ එක් විශේෂ දර්ශන වාරයක් අප රටේ ජනාධිපතිතුමන් වෙනුවෙන් පවත්වන්න මෙම චිත්‍රපටයේ සංවිධායකයින් තීරණය කරලා තියෙනවා.ඉන්දීය පුවත් වෙබ් අඩවියක් වු Glamsham.com පවසන අන්දමට මෙම දර්ශන වාරය මෙම වසරේ නොවැම්බර් මාසයේ පැවැත්වීමටයි කටයුතු යොදන් ඇත්තේ.මෙරටදී පැවැත්වෙන මෙම විශේෂ දර්ශනවාරය සඳහා මෙරට විශේෂ ආරාධිතයන්ට අමතරව චිත්‍රපටයේ ප්‍රධාන නළු නිළි යුවළද මේ සඳහා සහභාගී වීමට නියමිතයි.

 

 

Glamsham.com ඇසුරෙනි

ranbirs-waistcoat-retro-look-from-bombay-velvet-02 ranbirs-waistcoat-retro-look-from-bombay-velvet-01

Share

44 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.