ළමයෙක් ලොකු ළමයෙක් වෙන පික්චර් එකක් ගෝල්ඩන් ග්ලෝබ් මුල් තැනට

Avatar Cinema.lk A | January 12, 2015 102 Views 0 Likes 0 Ratings

102 Views 0 Ratings Rate it

අවුරුදු දොළහක් තිස්සේ චිත්‍රපටයක් හදනවයි කියන එක එච්චර ලේසී පහසු කාර්යයක් නම් නෙවෙයි.අමාරුවෙන් අවුරුදු දොලහක් චිත්‍රපටය හැදුවත් එකම නළු නිළියන් යොදාගෙන මේ චිත්‍රපටය කරනවයි කියන එක හිතන්නවත් පුලුවන් කාර්යයක් නෙවෙයි.“බෝයිහුඩ්“ කියන්නේ මෙන්න මේ විදියට අවුරුදු දොලහක් තිස්සේ එකම නළු නිලියන් පිරිසන් යොදාගෙන හදපු සිනමාපටයක්.

මේ සිනමාපටය ගැන මේ වන විට මුලු ලෝකයක් කතාකරන්න පටන් අරන්.මේ වසරේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේ හොඳම සිනමාපටය ලෙස සම්මානයට පාත්‍ර වීමත් සමඟයි මේ විදියට කතාකරන්න පටන් අරන් තියෙන්නේ.රිචඩ් ලින්ක්ලේටර් අධ්‍යක්ෂණය කල මෙම සිනමාපටය කුඩා පිරිමි ළමයෙකුගේ අවුරුදු දොලහක වැඩීම සැබැවටම රූගත කරලා තියෙනවා.කුඩා පිරිමි ළමයෙක් වැඩිවියට පත්වීමේදී සැබැවට මුහුණ දෙන සිද්ධීන් වටා තමයි මේ චිත්‍රපටය ගෙතෙන්නේ.මේසන් නම් පිරිමි දරුවා,ගැටවරයෙක් වන තෙක්ම ඔහු කන බොන විදිය,පාසල් යන විදිය,අදින පළදින විදිය,ආදරේ කරන විදිය,ආදරේ අහිමි වන විදිය උසස් අධ්‍යාපනයට යන විදිය සැබැවටම කැමරාවට හසුකරන් තියෙනවා.ඉන්ඩිපෙන්ඩන් මුවී එකක් විදියට එළියට ආපු මෙම සිනමාපටය ගොල්ඩන් ග්ලෝබ් හි සම්මානයට පාත්‍ර වීමට පෙර සම්මාන රැසක් හිමිකරන් තිබුණා.

මේ තියෙන්නේ එහි පුර්වප්‍රචාරක පටයයි.

boyhood

 

 

Share

102 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.