මහරජ ගැමුණු 23 දා පටන් ඊ.ඒ.පී මණ්ඩලයේ
ජයන්ත චන්ද්‍රසිරි නම් අග්‍රගන්‍ය සිනමාවේදීයාගේ නවතම සිනමාපටය “මහරජ ගැමුණු“ ජනවාරී 23 වන දා පටන් ඊ.ඒ.පී මණ්ඩලයේ සිනමාශාලා වල තිරගත කීරිමට මේ වන විට සියලු කටයුතු සුදානම් කර ඇත.
ජයන්තගේ පෙර සිනමාපටය වු “සමනල සංධ්වනිය“ හි ප්‍රධාන භුමිකා මැවු උද්දික ප්‍රේමරත්න මෙම සිනමාපටයේ දුටු ගැමුණු රජතුමාගේ චරිතයට පණ පොවනවා.ඔහුගේ ප්‍රතිවාදීයා වු එළාරගේ භුමිකාවට පණ පොවන්නේ ප්‍රවීණ රංඟධර ජැක්සන් ඇන්තනී විසිනුයි.යශෝධා විමලධර්ම,ශ්‍රියන්ත මෙන්ඩිස්,කුසුම් රේණු,බුද්ධාස විතානාච්චි,සාරංග දිසාසේකර,දමිතා අබේරත්න,අරුණි රාජපක්ෂ,තාරකා වන්නිආරච්චි,රෙබෙකා නිර්මලී,ජගත් මනුවර්ණ,ලකී ඩයස්,අර්ජුන් කමලනාත්,ගාමිණි ජයලත්,අනුර ධර්මසිරිවර්ධන,දිමුතු චින්තක,සහ මීනා කුමාරි වැනි දක්ෂ නළු නිලි කැලක් මෙහි රංඟනයේ නිරත වෙනවා.
නදීක ගුරුගේ මෙහි සංගීතය මෙහෙයවන අතර රවීන්ද්‍ර ගුරුගේ මෙහි සංස්කරණය සිදුකරයි.කැමරාව මෙහෙයවන්නේ රුවන් කොස්තායි.ජයන්ත රණවක අංගරචනයෙන් ද,ලලිත් ධර්මවර්ධන කේශාලංකරණයෙන්ද,රොහාන් සමරදිවාකර කලා අධ්‍යක්ෂණයෙන් ද, මහරජ ගැමුණු හැඩකරයි.කථිකාචාර්ය ගුණපාල රත්තසේකර මෙහි නිෂ්පාදන කටයුතු සිදුකරයි.
මහරජ ගැමුණු පුර්ව ප්‍රචාරකපටය
මහරජ ගැමුණු හැදුණු හැටි 01
මහරජ ගැමුණු හැදුණු හැටි 02
Written by Cinema.lk A
![maha raja gamunu (26) [1024x768]](https://cinema.lk/wp-content/uploads/2014/04/maha-raja-gamunu-26-1024x768.jpg)
![maha raja gamunu (25) [1024x768]](https://cinema.lk/wp-content/uploads/2014/04/maha-raja-gamunu-25-1024x768.jpg)
![maha raja gamunu (21) [1024x768]](https://cinema.lk/wp-content/uploads/2014/04/maha-raja-gamunu-21-1024x768.jpg)
![maha raja gamunu (19) [1024x768]](https://cinema.lk/wp-content/uploads/2014/04/maha-raja-gamunu-19-1024x768.jpg)
![maha raja gamunu (17) [1024x768]](https://cinema.lk/wp-content/uploads/2014/04/maha-raja-gamunu-17-1024x768.jpg)
![maha raja gamunu (13) [1024x768]](https://cinema.lk/wp-content/uploads/2014/04/maha-raja-gamunu-13-1024x768.jpg)
![maha raja gamunu (8) [1024x768]](https://cinema.lk/wp-content/uploads/2014/04/maha-raja-gamunu-8-1024x768.jpg)
![maha raja gamunu (7) [1024x768]](https://cinema.lk/wp-content/uploads/2014/04/maha-raja-gamunu-7-1024x768.jpg)
![maha raja gamunu (44) [1024x768]](https://cinema.lk/wp-content/uploads/2014/04/maha-raja-gamunu-44-1024x768.jpg)










