කාන්ස් සිනමා වසන්තය
සිනමා සම්මාන උළෙලවල් අතුරින් ලොව ඉහළින්ම වැජඹෙනා සම්මාන උළෙලක් තමයි ප්‍රංශයේ පැවැත්වෙන කාන්ස් සිනමා උළෙල.ලොව පුරා චිත්‍රපට 80ක් පමණ තිරගත කෙරු කාන්ස් සිනමා වසන්තය පසුගිය 26 වන දා අවසන් වුයේ සිනමා ලෝකයට තවත් අති දක්ෂයින් රැසක් බිහි කරමිනුයි.
මෙවර කාන්ස් සිනමා උළෙලේ හොඳම චිත්‍රපටයට හිමි Palme d’Or සම්මානය දිනා ගනු ලැබුවේ “Blue is the Warmest Colour” නම් වූ ගැහැනු දෙදෙනෙකුගේ ආදර කතාවක් තේමා කරගනිමින් නිර්මාණය කරන ලද චිත‍්‍රපටයයි. Grand Prixසම්මානය දිනා ගනු ලැබුවේ“Inside Llewyn Davis” චිත‍්‍රපටය වෙනුවෙන් the Coen brothers ය.ජූරියේ විශේෂ සම්මානය හිමිවූයේ ජපානයේ සිනමා අධ්‍යක්‍ෂ Hirokazu Kore-Edaවිසින් නිර්මාණය කරණ ලද “Like Father, Like Son”චිත‍්‍රපටයි.
හොඳම අධ්‍යක්‍ෂක ට හිමි සම්මානය මැක්සිකෝවේ Amat Escalanteවිසින් දිනා ගනු ලැබුවේ ඔහු ගේ “Heli” චිත‍්‍රපටය යේ අධ්‍යක්‍ෂණය වෙනුවෙනි. හොඳම නළුවාට හිමි සම්මානය“Nebraska” චිත‍්‍රපටයේ කළ විශිෂ්ඨ රගපැම වෙනුවෙන් Bruce Dern දිනා ගනු ලැබූ අතර Berenice Bejo හොඳම නිළියට හිමි සම්මානය“The Past” හි කරණ ලද විශිෂ්ඨ රංගනය වෙනුවෙන් දිනාගනු ලැබීය
Written by Cinema.lk A







































































